පවතින අයහපත් කාළගුණය හා අධික සුළඟත් සමඟ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ලවී තිබේ. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට හා බදුල්ල යන දිස්ත...
පවතින අයහපත් කාළගුණය හා අධික සුළඟත් සමඟ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ලවී තිබේ.
ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල විදුලි සැපයුමට මෙලෙස බාධා එල්ල වි තිබේ.
කෙසේ වෙතත් එම විදුලිය බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම සඳහා මේ වන විට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින අතර අයපත් කාලගුණ තත්වය හමුවේ සමහර ප්‍රදේශවල විදුලිය යථා තත්වයට පත් කිරීම් ප්‍රමාද විය හැකි බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
කොළඹ සහ අවට ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම අද දිවා කාලය වන විට හැකිවනු ඇති බව එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් ස්ථාන රැසක විදුලි කණු කඩා වැටීම්, ට්‍රාන්ස්ෆෝමර් බිදවැටිම් ආදිය විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි බාධාවක්ව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් යොදා ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS