දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් - ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක්
Homeප්‍රවෘත්ති

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් - ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක්

PropellerAds

පළාත් පාලන මැතිවරණ‍යේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 4.00 ට අවසන් විය. ඒ අනුව අද උදෑසන 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 4.00 න් අවසන් වූ...

කටුනායක ගුවන්තොටේ කලබලයක් – පාකිස්ථාන මහ කොමසාරිස් ආපසු හැරී යයි
‘සමාජ මාධ්‍ය වාරණය කරන්න ඕනේ නෑ! කාටත් විවේචනය කරන්න අයිතිය තියෙනවා! මට ඕන දෙයක් කියපුදෙන්! මට නම් ප්‍රශ්නයක් නෑ!’ - මහින්ද සමාජ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටී! (VIDEO)
පොහොට්ටුවට විශාල ජයක්.. ආණමඩුව සමුපකාරය දිනයි…
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් - ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක්

පළාත් පාලන මැතිවරණ‍යේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 4.00 ට අවසන් විය.

ඒ අනුව අද උදෑසන 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 4.00 න් අවසන් වූ අතර ඡන්ද විමසීම සමස්ථයක් ලෙස සමකාමීව පැවැත්වී ඇති බව මැතිවරණ නිරික්ෂක සංවිධාන ප්‍රකාශ කරයි

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 60,867දෙනෙකු දිස්ත්‍රික්ක 24කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී අද දිනයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ඒ අනුව දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 340කට අයත් මහනගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් සඳහා සභිකයින් 8328 දෙනෙකු තොරා පත් කර ගැනීමට නියමිතය. 

මෙවර මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ 43 ක් සහ ස්වාධීන කණ්ඩායම් 222 ක් සඳහා තරඟ වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 57,097 ක්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දිස්ත්‍රික්ක කිහිපයක අද (10) සවස 2.00 වන විට 65% ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කරයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ 65 % ක් , මාතලේ දිස්ත්‍රික්කයේ 65 % ක් , හම්බන්තොට  දිස්ත්‍රික්කයේ 65% ක් , නුවර එළිය දිස්ත්‍රික්කයේ 60% ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 63% ක් වශයෙන් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්  ප්‍රකාශ කළේය.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ  55% ක් , ගාල්ල දිස්ක්කයේ 41% ක් , මාතර දිස්ත්‍රික්කයේ 55% ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 65% ක් , රත්නපුර දිස්ත්‍රික්කයේ 60% ක් , කෑගල්ල 40% ක් , අනුරාධපුර දිස්ත්‍රික්කයේ 60% ක් මහනුවර දිස්ත්‍රික්කයේ 52% ක් , යාපනය දිස්ත්‍රික්කයේ 47% ක් , කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 60% ක් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 65% ක් හා  මුලතිව් දිස්ත්‍රික්කයේ 62% ක් වශයෙන්ද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

මේ අතර අද පස්වරු 2.00 වන විට මොනරාගල දිස්ත්‍රික්කය හා බදුල්ල දිස්ත්‍රික්කය  65 % ක් ඉක්මවා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර  පුත්තලම දිස්ත්‍රික්කය 69% ක් , මන්නාරම දිස්ත්‍රික්කය 70% ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 65% - 70% ක් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කරයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් - ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක්
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් - ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ධනයක්
http://am.lk/media/k2/items/cache/93905eb832336370bec70b1bb318b29f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_434.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_434.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy