අවශ්‍ය තරම් පෙට්‍රල් තොග පවතින නිසා මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පැවසීය. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2500කි. පෙරේ...
අවශ්‍ය තරම් පෙට්‍රල් තොග පවතින නිසා මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පැවසීය.
මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2500කි. පෙරේදා දිනයේ පමණක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2623ක් නිකුත් කර ඇත. එමෙන්ම ඊයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් ඉන්ධන පිරවුම්හල් වලට බෙදාහැර ඇත. අද දිනයේත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට නියමිතව ඇත. එහෙයින් අමාත්‍යවරයා පවසන්නේ මේ වන විට අවශ්‍ය තරම් පෙට්‍රල් තොග පවතින බවය.
අද පස්වරුව වන විට අපේක්ෂිත තෙල් නැව ද ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.
- රංජිත් නිශාන්ත
COMMENTS