ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවරට ළ...
ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවරට ළඟා විය.
නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සංජේ වර්මා (Mr. Sanjay Verma) සහ නියෝජ්‍ය සන්ධාන නිලධාරී අභිෂේක් ශුක්ලා (Mr. Abhishek Shukla) යන මහත්වරුන් විසිනි.
ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රැකවල් මධ්‍යයේ රිය පෙරහැරකින් නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලය වෙත පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නවදිල්ලි නුවර ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, තාජ් පැලස් කළමනාකාරීත්වය විසින් පිළිගන්නා ලදී.
මේ අතර අගමැතිවරයා ඊයේ ඉන්දියාවේ කොල්ලූර් හි ශ්‍රී මූකම්බිකා දේවාලයේ පැවති පූජාවකට සහභාගී වී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය 20 වනදා අගමැතිවරයා බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දී ඉන්දීය සංචාරයේ නිරතවන අතර ඊට පසු දින මෙම දේවාලයේ පූජාවට සහභාගී වී තිබිණ.
අගමැතිවරයා එලෙස ඉන්දීය සංචාරය ආරම්භ කරද්දී ‘බය නැති අගමැති’ පෝස්ටරය මෙරට බොහෝ ප‍්‍රදේශවල අලවා තිබිණි.
ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය නායකයින් සමග සාකච්ඡාවනට එක් වන වික්‍රමසිංහ මහතා අද (23) නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද සහභාගී වනු ඇත.
COMMENTS