ද රුණු ලෙස රෝගීව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව අද (09) ඇස්පරීක්ෂාවක් සඳහා කොළඹ අක්ෂි රෝහලට ග...
දරුණු ලෙස රෝගීව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව අද (09) ඇස්පරීක්ෂාවක් සඳහා කොළඹ අක්ෂි රෝහලට ගෙවිත් ඇතැයි වාර්තා වේ.
දුමින්ද සිල්වා මහතාගේ සොයුරියවන දිලිණි ඈන් ද සිල්වා ද සිය සොයුරා අක්ෂි පරික්ෂාවකට රැගෙන ගොස් අති බවට වාර්තා වන බව අප කළ විමසීමකදී කියා සිටියාය.
කෙසේවුවද, පසුගිය දිනවල මාධ්‍යවල පලව තිබූ සිය සොයුරා වෙනත් රෝහලකට මාරු කිරීමට උත්සාහ කරණ බවට වූ වාර්තා අසත්‍යබවත්, තම සොයුරා වෙනත් රෝහලකට මාරු කිරීමට අදහසක් හෝ උත්සාහයක් නොතිබුණ බව ඇය කියා සිටියාය.
දැනට ද ඔහු ඉතා අවම පහසුකම් යටතේ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දිලිණි ඈන් ද සිල්වා කීවාය.
දේශපාලන හේතුමත රෝගියකුව සිටින සිය සොයුරාගෙන් ඉතා බන්ධනාගාරය තුළද ඉතා අමානුෂික ලෙස පළිගනිමින් සිටින බවට ද ඇය හෙළිදරව් කළාය.
COMMENTS