වළගම්බා රජ කල ත්‍රිපිටකය ලිවීමට පෙර අවුරුදු පහළොවක් පමණ මුළු ලංකාවම පාලනය කළේ ද්‍රවිඩයන් විසිනි. එය නිඝණ්ඨ (ජෛන) වාදවලින් මේ රට පිරුණු කා...
වළගම්බා රජ කල ත්‍රිපිටකය ලිවීමට පෙර අවුරුදු පහළොවක් පමණ මුළු ලංකාවම පාලනය කළේ ද්‍රවිඩයන් විසිනි. එය නිඝණ්ඨ (ජෛන) වාදවලින් මේ රට පිරුණු කාලයකි. ගිරි නම් නිඝණ්ඨයා ගැන කවුරුත් දනිති. ද්‍රවිඩයන් රට පාලනය කිරීමට පෙර අවුරුදු 12ක් පමණ ඇති වූ දුර්භික්ෂය (බැමිණිතියා සාය) නිසා රටට සිදුවූ හානිය අප්‍රමාණ ය. එහිදී පිරිසිදු බුද්ධ දර්ශනය ද දුර්භික්ෂය ට හසුවුණා සේ ය. අවසාන රහතන් වහනසේ වැඩ සිටියේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට අවුරුදු 48කට පෙර ය.
මේ වකවානුව තුළ සෑදුණු බුද්ධාගම, බුදුන් වහන්සේ කෙනෙක් හැටියට ගෙන මුල් තැනට තබා දෙවියෙක් ලෙස පිළිබිඹු කොට තනාගත්, මනසින් නිර්මාණය කළ දෙයකි. කොතරම් දුරට මෙම ශරීරය තුළ පුද්ගලයෙක් කෙනෙක් නොමැති බව වක්කලියට කීවත්, බුද්ධාගම නිර්මාණය කළ අය පිරිසිදු බුදු වචනය කුණු කූඩයට දැමූහ. ජනතාවට 'මම' මුල්කරගත් ජීවන චරිතයක් බුද්ධාගමේ නිර්මාණය වීම මූලික විය. බුදුන් වහන්සේගේ පණිවුඩය ලෞකික ලෝකයෙන් එතෙර වී ලෝකෝත්තර වීම වුවද, බුද්ධාගම ලෞකික ලෝකය සාර්ථක කර ගන්න දේවල් ඇතුළත් කරගත් ජීවන ක්‍රමයක් විය. ඒ ඒ වශයෙන් ත්‍රිපිටකය ද මේ ජීවන රටාවට අනුකූල වීමට වෙනස් විය.
අද අපට අසන්නට ලැබෙන බණ දේශනා සියල්ලක්ම ලෞකික ලෝකය සාර්ථක කිරීම සඳහා බව කවුරුත් දන්නා කරුණකි. මොහොතක්වත් ලෞකික ලෝකය වර්ණනා නොකරන බව කොයි තරම් බුදුන් වහන්සේ දෙසුවත්, ලෞකික ලොව සාර්ථක කර ගැනීම සෑම කාලීන බණ දේශනාවලම අන්තර්ගත ය. මේ මොහොතේම (සන්දිට්ඨිකෝ) නිවන් දැක ගත හැකි බව කොතරම් බුදුන් වහන්සේ දෙසුවත්, මේ ජීවිතයේ නිවන් දකින්නට බැරි බව පවසා, පසු ජීවිතයක දිව්‍ය ලෝකවලට ගොස් සැප විඳ මෛත්‍රී බුදුන් උපදින කාලය ක මෙහි උපදින්නැයි එම බණ දේශනා අන්තයේදී අපට නිතරම අසන්නට ලැබේ.
දැනට පවතින බුද්ධාගමෙන් නිවන් දැකීමක් සිදු නොවේ. මේ ජීවිතයේදීම, මේ මොහොතේදීම නිවන් දැකිය හැකි බවක් බුද්ධාගමේ නැත. මෛත්‍රී බුද්ධ සංකල්පය බුද්ධඝෝෂ කාලයෙන් පසු පමණක් මතුවුණු වැරදි ප්‍රත්‍යයක් බව දැන් මහජනතාව ට සනාථ වී හමාර ය. මෙසේ බුද්ධාගමේ අවුල් ජාලයක පැටලී නොමග ගිය ජනතාව මුදා ගැනීමට දැන් සන්දිට්ඨිකව (මේ මොහොතේම) නිවන් දකින ක්‍රමය විවෘත වී ඇත. එයින් මහජනතාව ප්‍රයෝජනයක් ලබාගනිතැයි බලාපොරොත්තු වෙමි.
වෛද්‍ය ගාමිණී අභය විසිනි
මතු සම්බන්ධයි
සබැඳි සටහන්
බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය, අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත
COMMENTS