මේ අතර පළාත් පාලන මැතිවරණය කල්යාම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නොයෙක් චෝදනා කළද අද වන විට ඒ සියල්ල පරාජය කරමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය...
මේ අතර පළාත් පාලන මැතිවරණය කල්යාම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නොයෙක් චෝදනා කළද අද වන විට ඒ සියල්ල පරාජය කරමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සැකසී ඇති බව අමරවීර මහතා සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේදී අත ලකුණින් ඉදිරිපත්වීමට පක්ෂ බොහොමයක් කැමැත්ත පළ කර ඇති අතර තවත් පිරිසක් බුලත් කොළය ලකුණින් ඉදිරිපත්වීමට කැමැත්ත පළ කර ඇති බවත් මේ පිළිබඳ සාකච්ජා කර එකඟතාවකට පැමිණෙන බව කියා සිටි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් මෙන්ම බුලත් කොළය ලකුණින් තරඟ වැදීම ගැටළුවක් කර නොගන්නා බවයි. එමෙන්ම ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට සූදානමක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS