රත්මලානේ පිහිටා තිබෙන කර්මාන්තශාලා බණ්ඩාරගම, මිල්ලනිය කර්මාන්ත කළාපයට ගෙන ඒමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව හොරණ අයෝජන කළාපය සහ යෝජිත මිල්ල...
රත්මලානේ පිහිටා තිබෙන කර්මාන්තශාලා බණ්ඩාරගම, මිල්ලනිය කර්මාන්ත කළාපයට ගෙන ඒමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව හොරණ අයෝජන කළාපය සහ යෝජිත මිල්ලනිය කර්මාන්ත කලාපය තුළට රත්මලාන ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කර්මාන්ත ශාලා රැගෙන ඒමට නියමිතය.
මිල්ලනිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත කර්මාන්ත කලාපය සඳහා තායිලන්තයේ කර්මාන්ත කලාප පවත්වාගෙන යන සමාගමක් වන රෝචන සමාගම එකඟ වී තිබේ.
පසුගිය වසරේ බිංගිරිය කර්මාන්ත කලාපයේ වැඩකටයුතුද රජය ආරම්භ කළේය.
හම්බන්තොට කර්මාන්ත කලාපයත් මේ වසරේ ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන අතර අක්කර දහසකට වඩා වැඩි සංචාරක කලාපයක් ලෙස දෙද්දුව කලාපයත් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඉරණවිල ඇමෙරිකන් හඬ ආයතනය අත්හැර දමා ඇති භූමි ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටද නියමිතය.
මෙම කර්මාන්ත කලාප හරහා ලැබෙන දියුණුවේ ප්‍රතිඵල රටට ලබාගත හැකි වන්නේ ඉදිරි වසර 10 තුළ බව රජය ප්‍රකාශ කරයි.
COMMENTS