දිවයිනට ගිනිකොණ දෙසින් පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් හෙට (25) සහ අනිද්දා (26) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වීය...
දිවයිනට ගිනිකොණ දෙසින් පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් හෙට (25) සහ අනිද්දා (26) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා වූ තද වැසි ඇති වීය හැකි බවයි.
ඊට අමතරව ගාල්ල සිට හම්බන්තොට සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS