ප්‍රසංග වේදිකාවේ සළකුණක් බවට පත්වූ ශානිකා වනිගසේකර නොහොත් "බේබි ශානිකා" ඇයට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව පුවත්පතකට මෙසේ අදහස් දක්ව...
ප්‍රසංග වේදිකාවේ සළකුණක් බවට පත්වූ ශානිකා වනිගසේකර නොහොත් "බේබි ශානිකා" ඇයට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබුණි.
මේක වෙලා තියෙන්නේ නම් ශානිකාගේ බේබි කෑල්ලෙන්ම තමයි. දැන් ඇය එක්ක ප්‍රසංගවලට ශානිකාගේ සැමියා තනිනොතනියට ආවත් බේබි ශානිකාගේ ඒ කාලේ ඇය එක්ක තනියට ඇවිත් තියෙන්නේ ශානිකාගේ තාත්තා. හැබැයි ඇගේ තාත්තාව කලා ක්ෂේත්‍රයේ හැමෝම හඳුනනවා. විශේෂයෙන් ප්‍රසංගවලට සහභාගිවෙන අය ශානිකාට වගේම ඇගේ තාත්තා එක්කත් හිතවත්.
“ඔන්න මම තාත්තා එක්ක ප්‍රසංගයකට සහභාගි වුණා. ඒක තිබුණේ පිටරට. දැන් ප්‍රසංගය ඉවරවෙලා හොටෙල් එකට ආවා. මායි තාත්තයි හිටියේ හොටෙල් එකේ පහළ කාමරේක. තව අංකල්ලා දෙන්නෙක් හොටොල් එකේ උඩ කාමරේක හිටියා. (ඒ දෙන්නම කලා ක්ෂේත්‍රයේ කවුරැ කවුරැත් හඳුනන කලාකරැවන් දෙන්නෙක්. නම් පල නොකරන්නේ අපිට හොඳ නැති නිසයි...) ඒ අංකල්ලා දෙන්නා තාත්තා එක්ක හරි එකතුයි. තාත්තා ආවේ රෑම් එකේ ඉඳන් උඩ කාමරේට කෝල් එකක් ගන්න...
“මචං... මුකුත් කන්න එහෙම නැද්ද...?”
“තාත්තා එක අංකල් කෙනෙක්ගෙන් ඇහුවා...”
“ආ... තියෙනවා... ඇපල් තියෙනවා...”
ඔන්න ඉතින්... එක අංකල් කෙනෙක් තාත්තාට කිව්වා...
“හිටපන් මම එන්නම්...”
එහෙම කියලා තාත්තා උඩට යන්න හැදුවා විතරයි තාත්තාට තව කෝල් එකක් ආවා. ඉතින් තාත්තා මට කිව්වා “උඩ කාමරේට ගිහින්... අංකල් ඇපල් දෙයි අරන් එන්න කියලා...”
ඉතින් මාත් උඩට ගියා. අංකල්ලා දෙන්නා හිටපු කාමරේ දොරත් බාගෙට වහලා. මම හෙමීට තට්ටු කළා. එක අංකල් කෙනෙක් දොර ඇරියා. එයා හිටියේ දොර ළඟ අයන් බෝඩ් එකේ තියාගෙන ඇඳුම් අයන් කර කර... මාව දැකපු අංකල් මම දිහා බලාගෙනම හිටියා...
“අංකල් කෝ...”
මම ඒ අංකල්ගෙන් ඇහුවා.
“ඇතුළට යන්න...”
අංකල් කිව්වේ හරිම තෝන්තුවෙන් වගේ.
මම ඇතුළට ගියා විතරයි... මෙන්න අර තාත්තාට ඇපල් දෙන්නම් එන්න කියපු අංකල් ඇෙඟ් නූල් පොටක්වත් නැතිව දෙකට නැමිලා හිටියා.
“ආ... මේ තියෙන්නේ ඇපල්...” කියලා ඔළුව ඉස්සුවා.
මාව දැකපු ඒ අංකල් මට බයවෙලා හයියෙන් කෑ ගැහුවා. ඒ අංකල් දැකපු මම බයවෙලා තවත් හයියෙන් කෑ ගැහුවා.
අන්තිමට අපි දෙන්නාගේ කෑ ගැහිල්ලට අනික් අංකල් මහ හයියෙන් කෑ ගැහුවා. අන්තිමට ශානිකා “යූ”ටර්න් ගහලා පහළට දුවන් ඇවිත්.
අදටත් ඒ අංකල්ව නම් ශානිකා මුණගැහෙනවා. හැබැයි ඇපල් දෙන්න කතා කරන්නේනම් නෑ...
COMMENTS