ඔහුගේ කලා කෘති කලාත්මක නිදහස සහ පුදුමයට පත්කිරීමේ බලය අර්ථ ගන්වයි. කෙටෝ ලෙයින් ගේ කළු - සුදු ජායාරූප දකින විට සිහිගන්වන්නේ කැනේඩියානු ...
ඔහුගේ කලා කෘති කලාත්මක නිදහස සහ පුදුමයට පත්කිරීමේ බලය අර්ථ ගන්වයි. කෙටෝ ලෙයින් ගේ කළු - සුදු ජායාරූප දකින විට සිහිගන්වන්නේ කැනේඩියානු ජායාරූපශිල්පියෙකු හා ජායාරූප මාධ්‍යවේදියෙකු වන ටෙඩ් ග්‍රාන්ට් ගේ අර්ථ දැක්වීමය.
ජායාරූපකරණය ගැන ඔහු පවසන්නේ මෙබන්දකි.
"ඔබ මිනිසුන්ගේ වර්ණ ජායාරූප කැමරාවට හසුකරගන්නා විට ඔබ ඔවුන්ගේ ඇදුම් ජායාරූප ගත කරයි. එහෙත් ඔබ හසුකරගන්නේ මිනිසුන්ගේ කළු සුදු ජායාරූපයක් නම් ඔබ ග්‍රහණය කරගන්නේ ඔවුන්ගේ ආත්මයයි."
සැබවින්ම කෙටෝ ලෙයින් සිය ජායාරූපකරණය තුළ පුද්ගල ආත්මය විනිවිදින්නට සමත් වූවෙකි. ඔහුගේ කළු -සුදු ජායාරූප කවියක් මෙන් රසවත් වන්නේ එහෙයිනි. කැමරාව ඉදිරියේ විශිෂ්ටයෙකු වන්නේ එහෙයිනි.
ඉතින් ඔබත් කෙටෝ ලෙයින් සමඟ ආත්මගත වෙන්න එන්න.
ඔබේ ජයාරූප ගැන කතාකරන්න කලින් මම හිතනවා ඔබට ජායාරූප කලාව මුණගැහුණේ කොහොමද කියලා මුලින්ම කතා බහ කළොත් හොදයි කියලා.ඉතින් අපට කියන්න ජායාරූපශිල්පියෙකු ලෙස ඔබේ ආරම්භය ගැන ?
දිනක් මම ස්ටොක්හෝම් වෙත ගොස් සිටියදී මට දැකගන්න ලැබුණා විශිෂ්ටතම ඇමෙරිකානු ජායාරූපශිල්පීන් වන රිචඩ් ඇවඩොන්, අර්වින් පෙන් සහ දියනා ආර්බස් ගේ ජායාරූප ප්‍රදර්ශනයක්. කළු - සුදු ජායාරූප තමයි ප්‍රදර්ශනයට එකතු කරලා තිබුණේ. කළු සහ සුදු ජායාරූපයේ සාරය ලෙස තමයි ඒ ප්‍රදර්ශනය නම් කරලා තිබුණේ. මාව වෙනස් කළේ ඒ කළු සහ සුදු ජායාරූපයේ සාරය.
ඔබේ ජායාරූපකරණයේ විශේෂත්වයක් තමයි ලොව විවිධ ප්‍රදේශවල පුද්ගල ජායාරූප අන්තර්ගත වීම. කොහොමද ඔබ මේ මිනිස් ජායාරූප එක්ක සම්බන්ධවෙන්නේ? මොකක්ද ඔබේ විෂය ගත සම්බන්ධය? මෙතැනදී ඔබට භාෂාව බාධකයක් වෙලා නැද්ද?
ඇත්තෙන්ම එය බාධාවක් විය යුතුයි. නමුත් මට කවදාවත් ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. මොකද මා සතුව තියෙන්නේ කැමරාවක්. ඒ අවබෝධය ජායාරූපයට පෙනී සිටින්නන්ටත් තියෙනවා.
ඔබ ඔබේ කාර්යය සඳහා ස්ථානය තෝරා ගන්නේ කොහොමද? මේ ගැන කතා කරද්දී මට මෙහෙම ප්‍රශ්නයකුත් අහන්න හිතෙනවා. නැගෙනහිර යුරෝපය ගැන ඔබට යම් ආකර්ෂණයක් තිබෙනවාද?
මම කොහෙත්ම කැමති නැහැ පින්තූරය තුළින් බලෙන් යමක් පෙන්වන්න. මම හැමවිටම උත්සහ කරන්නේ එය මධ්‍යස්තව පවත්වාගෙන යන්න. පින්තූරයක් වැදගත් වෙන්නේ, වටින්නේ හැකි තරම් එහි ස්වභාවිකත්වය පෙන්නුම් කිරීම තුළින්. නැගෙනහිර යුරෝපය ගැන කතා කළොත් එහි පසුබිම විශිෂ්ට ඉතිහාසයකින් සමන්විතයි. උදාහරණයක් විදිහට ගෘහ නිර්මාණ ශිල්පය,වීදි වගේ දේවල් හරිම ආකර්ශනීයයි. ඒ වගේම තමයි බටහිර යුරෝපයේ හැමදෙයක්ම පිරිසිදුයි. ඒවගේම ප්‍රධාන ප්‍රවාහය තුළ රැඳිලා තියෙනවා.
මේ වෙද්දී ඔබ භාවිතා කරන කැමරා උපකරණ මොනවාද? ජායාරූප ගැනීමේදී තවත් අමතර උපකරණ භාවිතා කරනවාද?
මම එක වගේ කැමරා දෙකක් භාවිතා කරනවා. නිකොන්,ඩිජිටල්,ෆුජි ෆිල්ම් x - pro 1. කවදාවත් ලයිට් එක භාවිතා කරන්නේ නැහැ.
එක් ජායාරූප අංගයකට ඔබ කොපමණ කාලයක් වැය කරනවාද? ඔබේ කාර්යයන් තුළ පසු විපරම කොයිතරම් දුරට වැදගත් කොට සලකනවාද ?
ජායාරූප ගන්නා අවස්ථාවේ අපි ඉන්නා තත්ත්වය පිළිබඳ මට අවබෝධයක් තියෙනවා. කුමන පරිසරයක් තුළද වැඩකරන්නේ කියන කරණය ගැන මට දැනෙනවා. පොටෝෂොප් වල මට ඉතා පහසුවෙන් වැඩකරන්න පුළුවන්. මම තාක්ෂණික ජායාරූප ශිල්පියෙක් නෙවෙයි. මම ගොඩක් සංවේදී වගේම ජායාරූපයේ ප්‍රතිභාව ගැනත් හිතනවා.
ඔබ ඔබේ ආශ්වාදය සොයා ගන්නේ කොහෙන්ද? තවත් කාරණයක් තමයි ඔබේ ආරයට බලපෑම් කළහැකි තවත් ජායාරූපශිල්පීන් කිහිපදෙනෙක් ගැන කියන්න පුලුවන්ද ?
මම ගොඩක් කැමතියි වගේම ආදරය කරනවා ජපාන ජායාරූපකරණයට. යුටාකා ටකනෂි,ටකුමා නකහිරා සහ දෙයිදෝ මොරියාමා යන අය ඒ කිහිපදෙනා අතරට නම් කරන්න පුළුවන්.
ඔබේ ජායාරූපයක් වචන තුනකින් අර්තගන්වන්න කිව්වොත් මොකක්ද ඔබේ පිළිතුර?
ප්‍රතිභාව,ප්‍රේමය සහ කුතුහලය
ජායාරූපශිල්පියෙකු ලෙස නැවත වරක් ඔබට මුල සිට වැඩකිරීමට අවස්ථාව ලැබුණොත් එම ආරම්භය සඳහා වෙනසක් ඇතිකිරීමට දෙයක් තිබෙනවාද? ඒ වගේම තවදුරටත් ගවේෂණය කිරීමට දේවල් ඔබට තිබෙනවාද?
ඇත්තටම නැහැ. මට වැඩ කරන්න වෙන්නේ එකම ආකාරයට. වෙනසක් කිරීමේ වුවමනාවක් නැහැ. මොකද මම අදටත් මගේ ආරම්භය ගැන ආඩම්බරවෙනවා.
ජායාරූපකරණයට යොමු නොවුණා නම් ඔබ මොනවගේ දෙයක් කරාවිද?
නිවාස ඉදිකරන්නෙක්,මුද්‍රණකරුවෙක් සහ රෝහල් සේවකයෙක් විදිහට ජායාරූපකරණය ගැන ඉගෙනගන්න පෙර මම රැකියා කිහිපයක් කළා.
ඔබ මෙන් ජායාරූපකරණයට ලැදියාවක්,ආසාවක් දක්වන අයට ඔවුන්ගේ ගමන ආරම්භ කිරීමට ශක්තියක් ලෙස යමක් පැවසුවොත්?
ඇත්තෙන්ම ජායාරූපශිල්පියෙක් වෙනවා කියන්නේ හරියට පියානෝ වාදකයෙක් වනවා වගේ. ඒ අත්දැකීම හරිම විශ්මයජනකයි. එතැනට ළඟා වෙන්න ඔබට දිනපතා පුහුණුවීම් කරන්නම වෙනවා.
අපේ කතා බහ අවසන් කිරීමට පෙර මම කැමති දැනගන්න ඔබේ අනාගත වැඩකටයුතු ගැනත්?
මම ගොඩක් සතුටු වෙනවා 1984 සිට ආරම්භ කළ මගේ දිගුකාලීන ගමන සාර්ථකව අවසන් කිරීම ගැන. මගේ "උතුරු නිහැඬියාව" ප්‍රදර්ශනය පෝලන්තයේ කැනොවිස් හි පැවැත්වීමට බලාපොරොත්තුවෙනවා. ඒ වගේම ලබන වසරේ ස්ටොක්හෝම් හිදී පැවැත්වෙනවා "කළු පාංශු" ලෙස නම් කර තිබෙන මගේ පෝලන්ත කතාව රැගත් ප්‍රදර්ශනය. ඇත්තටම මම බලාපොරොත්තුවෙනවා එකිනෙකට වෙනස් ආකාරයේ ව්‍යාපෘති 5ක් ඉදිරි වසර තුළ අවසන් කිරීමට.
ආශිකා බ්‍රාහ්මණ
(මේ ,"Virtual Photography Studio" වෙබ් අඩවියේ මාධ්‍යවේදී ගෙටා මොවිලා (Geta Movila) කෙටෝ ලෙයින් සමඟ කළ සාකච්ජාවේ පරිවර්තනයයි.)
COMMENTS