මෙසේ අනතුරට ලක් වී තිබෙන්නේ ඇමරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ පියා සහ සීයාගේ යුධ සේවය අගයමින් නම් කළ ‘යූඑස්එස් ජෝන් මැකේන්’ නෞකාව වීම ද ...
මෙසේ අනතුරට ලක් වී තිබෙන්නේ ඇමරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ පියා සහ සීයාගේ යුධ සේවය අගයමින් නම් කළ ‘යූඑස්එස් ජෝන් මැකේන්’ නෞකාව වීම ද විශේෂත්වයකි. සෙනෙට් සභික ජෝන් මැකේන්, සිය බිරිඳ සමග එක්ව විපතට පත් ඇමරිකානු නාවිකයන් වෙනුවෙන් විශේෂ ට්විටර් පණිවුඩයක් ද එක් කර තිබිණි.
මෙම නෞකාව සුපුරුදු පරිදි සිංගප්පූරු වරාය වෙත නැංගුරම් ලෑම සඳහා යන අවස්ථාවේදී මෙය සිදුවී තිබේ. ලෝකයේ වැඩිම භාණ්ඩ සහ ඛනිජ ඉන්ධන ප්‍රවාහනය සිදුවන මුහුදු තීරය සිංගප්පූරු මුහුදු තීරය වන හෙයින් මෙය, ලෝකයේ ජනාකීර්ණම මුහුදු තීරයක් ලෙසින් ප්‍රකට ය. ඒ ආශ්‍රිතව පිහිටා තිබෙන මලක්කා සමුද්‍ර සන්ධිය ලෝකයේ වඩාත්ම ක්‍රමෝපායික ජල මාර්ගයක් ලෙස ද සැලකේ.
ලයිබීරියානු ධජයක් සහිත ‘අල්නික් එම්සී’ නමැති තෙල් ටැංකියට මේ අනතුරින් සිදුවූ හානිය පිළිබඳ වැඩිදුර විස්තර තවම ලැබී නැත. කෙසේ නමුත් දැනට පවතින තොරතුරුවලට අනුව මෙම තෙල් ටැංකිය ඇමරිකානු නෞකාව මෙන් තුන් ගුණයක් පමණ බරින් අධික ය. එනම් ටොන් 30,000 ක් පමණ බරැති ය.
පසුගිය ජූනි මාසයේදී ඇමරිකානු නාවික හමුදාවට අයත් “යූඑස්එස් ෆිට්ස්ජෙරල්ඩ්” නෞකාව මේ අන්දමින්ම, ජපන් මුහුදේදී බහාලුම් නෞකාවක ගැටීම නිසා ඇමරිකානු නාවිකයන් හත් දෙනෙකුගේ දිවි තොර විය.
- අමාලි ජයවීර
COMMENTS