අපි කවදාවත් වෙන වෙන ලකුණුවලින් ඉල්ලපු අය නොවන බවත් හැමදාම අලියා ලකුණින් ඉල්ලපු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය...
අපි කවදාවත් වෙන වෙන ලකුණුවලින් ඉල්ලපු අය නොවන බවත් හැමදාම අලියා ලකුණින් ඉල්ලපු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසුවේ පසුගියදා පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ අදහස් දැක්වීය.
“ජන්දේ ඉතාමත් ඉක්මනට එනවා. ගොඩක් අය ඊළඟට අහන ප්‍රශ්නේ තමයි පොහොට්ටුවයි අතයි එක්කහු වෙයිද කියන එක. මම දන්නවා පෞද්ගලිකව නම් ජනාධිපතිතුමාට එහෙම කිසිම උවමනාවක් නැහැ. මට හිතාගන්න බැරි කාරණාව තමයි මේ ඔච්චර බැන බැන ඉදලා කොහොමද මේ පොහොට්ටුව අත ලඟට එන්නේ කියන එක. ඒක තමයි මට නම් තියෙන ප්‍රශ්නේ. මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා. එහෙම වුණත් අපි එක්සත් ජාතික පක්ෂෙ විදියට අපිට අපි කවදාවත් එක්කහු වෙලා සන්ධානගත වෙලා වෙන වෙන ලකුණු වලින් ඉල්ලපු අය නෙවෙයිනේ. අපි හැමදාම අලියා. අලියා ලකුණෙන් ඉල්ලපු කට්ටිය.”
COMMENTS