දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ - ජනපති
Homeප්‍රවෘත්ති

මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ - ජනපති

PropellerAds

ජ නාධිපතිවරණයෙන් අනතුරුව ගත වූ දින 100 සම්බන්ධයෙන් තම මට්ටමට අනුව තමන් සෑහීමකට පත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. පුවත්පත් ...

ජනාධිපති තුමා කතා කරන විට 'හිටං' කියන්නේ ඇයි?
සිංගර් ඉතිහාසය වෙනස්‌ කළ ධම්මික පෙරේරාගේ රු 500ය.
ක්‍රිකට් තරග පාවාදීම: පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වෙයි.
නාධිපතිවරණයෙන් අනතුරුව ගත වූ දින 100 සම්බන්ධයෙන් තම මට්ටමට අනුව තමන් සෑහීමකට පත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග ඊයේ (05දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙහිදී ජනාධිපතිවරයාට යොමු කෙරුණු ප්‍රශ්නයක් වූයේ තම වැඩපිළිවෙළ පිළිබඳ 100%ක් සතුටුවීමට ඉදිරියේදී කුමනාකාරයේ ක්‍රියාමාර්ග ගන්නේද යන්නයි.

එයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ වැඩි බලයක් සහිත තම ප්‍රතිපත්ති සමග ගැලපෙන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ ඒ නිසා බවයි.

වත්මන් රජයේ තනතුරුවලට පත් වූ ඇතැම් අය පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි වුවද, සමස්තයක් ලෙස පසුගිය රජයන්වල පත්කළ පිරිසට වඩා හොඳින් ඔවුන් සේවය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“අපි පත්කළ අය වෙන රජයන්වලට වඩා හොඳින් කරනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් එක ගන්න. කිසිම වරප්‍රසාදයක් ගන්නේ නෑ. ඔවුන් ගුවන් සේවය දියුණු කරන්න හොඳ වැඩපිළිවෙළක් කරලා තිබෙනවා.

අයි.සී.ටී. එක බලන්න, ඒකත් හොඳයි. සමහර අය ගැන සෑහීමකට පත්වෙන්න බැරි වුණත් ඒ අයට තමන්ගේ හැකියාව ඔප්පු කරන්න අවස්ථාවක් තිබෙනවා. එහෙම නොකළොත් ඔවුන්ව ඉවත් කරනවා.”

රජයේ ඇතැම් ප්‍රධාන තනතුරු සඳහා හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා,

“මම පත්කරලා තිබුණ ප්‍රමාණයටත් වඩා ගිය ආණ්ඩුව හමුදා නිලධාරීන් රජයේ හා සංස්ථාවල තනතුරුවලට පත්කරලා තිබුණා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. හමුදා නිලධාරියෙක් පරිපාලයට පත් කළාම තියන වැරැද්ද මොකක්ද?

හමුදා නිලධාරියෙක් විශාල පුහුණුවක් ලබනවා. ජනරාල් කෙනෙක් වෙනකොට අතිවිශාල පුහුණුවක් ලබනවා. ලෝකෙ පුරා අත්දැකීම් ලබා ගන්නවා. ඔවුන් පරිපාලනයට සූදානම් වෙලා ඉන්නේ. ලෝකේ හැම රටකම එහෙමයි. ඇයි එහෙනම් අපට බැරි. අපි කරද්දි ඇයි මේක අහන්නේ. මේවා දේශපාලනික කතා.”

එසේම මේ වනවිට දේශපාලන වේදිකාවේ කතාබහට ලක්ව ඇති ‘ගෝඨා – සජිත්’ සුසංයෝගය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන්ගේ ප්‍රතිපත්ති ඇත්තේ තම පක්ෂය තුළ බවත්, අසාර්ථක ප්‍රතිපත්ති පැවැති පිරිසක් සමග ගමන් කළ නොහැකි බවත්ය.

“මට අවශ්‍ය මගේ රජයක්. මගේ ප්‍රතිපත්ති තිබෙන්නේ අපේ පක්ෂයේ. ඒ ප්‍රතිපත්ති මාලාව අරගෙන යන්නේ අපේ අය. ඒකීය රාජ්‍යයක් නොවන, ජාතිකවාදී නොවන, ස්වෛරීත්වය හා නිදහස, ආර්ථිකය ගැන අවබෝධයකින් තොරව අසාර්ථක ප්‍රතිපත්ති තිබුණ පිරිසක් සමග මට ගමන් කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති හා සමාන අය අවශ්‍යයි.

ආර්ථිකය පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ තම ආණ්ඩුව යටතේ ලබාදුන් බදු සහන හේතුවෙන් ව්‍යාපාර රාශියක් යථා තත්ත්වයට පත් වූ බවත්, ආර්ථිකය ගොඩනැගීමට තමන්ට හැකියාවක් ඇති බවත්ය.

පසුගිය මාස කිහිපයේ ගෝලීය තත්ත්වයන් නිසා සමස්ථ ලෝක ආර්ථිකයේම පසු බැසීමක් පැවතීම ශ්‍රී ලංකාවට ද බලපෑම් කළද ඉදිරියේ දී ඒ බලපෑම් වළක්වාගෙන ඉදිරියටයෑමට උත්සාහ කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

– ada


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ - ජනපති
මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv8ytFY3vX7cJLGo3hMFvY7zYVuHhaJQ7OamqbyC_qFYGaHLR3BdSNUtdTSfPGuO5_aZE65keZ9-fUmaOhPtMd08IlVHNYhiX_HllzpGBODdyDmCuAdSuWpnSKAcD4UiMaPZLjmDPXRQVv/s320/gota-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv8ytFY3vX7cJLGo3hMFvY7zYVuHhaJQ7OamqbyC_qFYGaHLR3BdSNUtdTSfPGuO5_aZE65keZ9-fUmaOhPtMd08IlVHNYhiX_HllzpGBODdyDmCuAdSuWpnSKAcD4UiMaPZLjmDPXRQVv/s72-c/gota-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy