දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තියරිය කැඩෙයි ජනපති කුලවාදයට යටවෙයි.
Homeගොසිප්

තියරිය කැඩෙයි ජනපති කුලවාදයට යටවෙයි.

PropellerAds

වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාට ජනාධිපතිවරයා විසින් සය මසක සේවා දිගුවක් ලබාදී ඇතැයි වාර්තා වේ. ඒ අනුව නොවැම්...

යටිනුවර බිල්ඩිම ගිනිගනිද්දි ජනේලෙන් පැන්නෙ බිමට නෙමේ වහලකට
විපක්ෂ නායක ධූරය මහින්දට බව පාර්ලිමේන්තුවේදී සනාථ කෙරේ
බණ්ඩාරනායක සමරුවට ආපු චන්ද්‍රිකා මෛත්‍රීව මගහරී

වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාට ජනාධිපතිවරයා විසින් සය මසක සේවා දිගුවක් ලබාදී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව නොවැම්බර් 19 වැනිදා විශ්‍රාමයාමට සිටි නාවික හමුදාපතිවරයා ලබන මැයි මාසය දක්වාම අදාළ ධූරය දැරීමට නියමිත බව පැවසේ.

කෙසේවුවද, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතාට මසක සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් සාධාරණීය කරමින් ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් කියා සිටියේ සින්නයියාට සේවා දිගුවක් ලබාදීම මගින් ඊළඟට නාවික හමුදාපති ධූරයට පත්වීමට සිටින අයට අසාධාරණයක් වන බවයි.

මේ අනුව ඊළඟට එම ධූරයට සුදුසුකම් ඇති එන්.බී.ටී. රොසයිරෝ මහතාට නාවික හමුදාපති ධූරය අහිමි වේ.

ඒ ඔහු ලබන වසරේ (2018) ජනවාරි 04 වැනිදා විශ්‍රාම යාමට නියමිත බැවිනි. ඒ මහතා දැනට නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.

සින්නයියා මහතාට සේවා දිගුවක් ලාබාදීම ජනපතිවරයා මඟහරිද්දීම තම ගම් ප්‍රදේශයේ අයකු නාවික හමුදාපති කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් හා කිසියම් සමාජ කුලයකට අයත් ආරක්ෂක අංශයේ පුද්ගලයින් පිරිසක් උත්සාහ දරණ බව මුලින්ම කියා සිටියේ ශ්‍රී ලංකා මිරර්ය.

සින්නයියා දෙමළ ජාතිකයෙකු වීම නිසා ඔහුව නාවික හමුදාපති නොකරන්නැයි අදාළ පිරිස මීට පෙර ජනාධිපතිවරයාට බලපෑම් කර තිබූ බවද අපි හෙළිකළේය.

එවැනි ජාතිවාදීන්ගේ හා කුලවාදීන්ගේ බලපෑම් මායිම් නොකල ජනාධිපතිවරයා ට්‍රැවිස් සින්නයියා මාසයකට හෝ නාවික හමුදාපති කිරීමට කටයුතු කිරීමද බොහෝදෙනෙකුගේ පැසසුමට ලක්විය.

කෙසේවුවද, ජනපතිවරයාට කුලවාදීන්ද ජාතිවාදීන් ද පරාජයට පත් කිරීමට හැකිවූයේ මසකට ආසන්න කෙටි කාලයක්වීම ආරක්ෂක අංශය තුළ බලවත් අප්‍රසාදයට හේතුවී තිබේ.

හිටපු නාවික හමුදාපතිවරයා කාලයකට පෙර සිය සේවා දිගුව ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් යොමුකර තිබුණද එය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් සඟවා තිබූ බව පැවසේ.

කුලවාදීන්ගේ කුමන්ත්‍රණය දියත්ව ඇත්තේ පී.එච්. ද සිල්වා මහතා අදාල ධූරයට පත් කිරීම සඳහාය.

වත්මන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මෙන්ම ඔහු ද, අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි අයෙකි.

සිල්වාට 2020 ජූලි 17 වැනිදා දක්වා අදාළ ධූරය දැරිය හැකිය.

සින්නයියා ඉතිහාසගත කිරීම

සින්නයියා විශාම ගියේ දෙවරක් ඉතිහාස ගතවෙමිනි.

ඒ හැටේ දශකයේ අවසන් භාගයෙන් පසුව නැතිනම් ඊළාම් යුද්ධයෙන් පසුව නාවික හමුදාපති ධූරයට පත් පළමු දෙමළ ජාතික නාවික හමුදාපතිවීමේ ගෞරවයත්, දේශපාලඥයන්ගේ බැලයකු නොවී ගෞරවාන්විතව කෙටිම කාලයක් එය දැරූ පුද්ගලයාද වීමේ ආඩම්බරයත් සමඟය.

වසර 1973 සිට මේ දක්වා සිටි නාවික හමුදාපතිවරු අඩුම වශයෙන් අදාළ ධූරයේ වසරක කාලයක් සිට තිබේ.

අවසන් වරට නාවික හමුදාපතිවරයාව සිටි රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාද එම ධූරයේ වසර දෙකයි මසක කාලයක් සිටියේය. (පහත ලයිස්තුවෙන් එය තහවුරුකරගත හැකිවේ)



ඔහු පත්කරනු ලැබුවේද වත්මන් ජනාධිපතිවරයා වන අතර ඔහුට සිය නාවික හමුදා ධූර කාලය තුළ අවස්ථා 3කදී ජනපතිවරයා විසින් සේවා දිගු ලබාදී තිබිණි.

සින්නයියා වන අතර 1973 වසරෙන් පසුව අඩුම කාලයක් එම ධූරය දැරූ අයද වේ.

විජේගුණවර්ධන ගේ දුන්නෙත් නෑ

සින්නයියා මහතා නාවික හමුදාපති කිරීමට වැඩිම විරුද්ධත්වයක් දැක්වූ අය ලෙස සැලැකෙන්නේ හිටපු නාවික හමුදාපති හා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාය.

සින්නයියා නාවික හමුදාපතිව ගෙවූ දෙමසක කෙටි කාලය තුළ නාවික හමුදාපතිවරයකුට අයත් වරප්‍රසාදයක් වන කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි නාවික හමුදාපතිගේ නිල නිවස ලබා නොලැබුණි.

සින්නයියා මහතා විශ්‍රමයනතෙක්ම සිටියේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නාවික හමුදාවේ නිලධාරීන්ට ලැබෙන තුන්වැනි පන්තියේ නිවසකය.

විජේගුණරත්න මහතා ද අම්බලන්ගොඩින් නාවික හමුදාවට පැමිණි මතභේදාත්මක කුලේම අයෙකි.

සින්නයියා මහතාට නිල නිවස නොදුන් විජේගුණරත්න මහතා අදාළ නිල නිවස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතාට ලබාදීමට මේවන විට කටයුතු යොදා තිබේ.

විජේගුණරත්න මහතා සින්නයියා මහතාට අදාළ නිල නිවස ලබා නොදී සිටියේ ඔහුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා ලෙස බුලර්ස් පාරෙන් නිල නිවසක් ලැබී තිබියදීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තියරිය කැඩෙයි ජනපති කුලවාදයට යටවෙයි.
තියරිය කැඩෙයි ජනපති කුලවාදයට යටවෙයි.
http://ift.tt/2i1athS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_642.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_642.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy