යටිනුවර බිල්ඩිම ගිනිගනිද්දි ජනේලෙන් පැන්නෙ බිමට නෙමේ වහලකට - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Tuesday, January 8, 2019

යටිනුවර බිල්ඩිම ගිනිගනිද්දි ජනේලෙන් පැන්නෙ බිමට නෙමේ වහලකට

https://www.gossiplankanews.com/2019/01/fire-at-yatinuwara.html#more
හනුවර යටිනුවර වීදියේ මහල් ගොඩනැගිල්ලක අද උදෑසන ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලේ සිර වී සිටි කිහිපදෙනෙකු ඉතාම අසීරු ලෙස ගොඩනැගිල්ලෙන් පැන ජීවිත බේරා ගෙන තිබේ.
ගින්නට මැදීවූවන් අතර කුඩා ළමුන් දෙදෙනෙකුද සිටි අතර  කුඩා ළමුන් දෙදෙනා ගොඩනැගිල්ලෙ ඉහළ
මහලෙන් ආරක්ෂාකාරිව

පිටතට ගෙන අනෙක් දෙදෙනා මහලෙන් බැස දිවි ගලවාගත් ගත් බව වාර්තා විය.

කෙසේ වෙතත් වීඩියෝ දර්ශන වල එක්වරම පෙනුණ  ආකාරයට ඔවුන් පැන ගත්තේ බිමට නොව ඒ අසළ තිබුණ වහලයකටයි. ජනේලයේ සිට එතැනට වැඩි උසක් නොවීම නිසා හානියකින් තොරව පැනගන්නට ඔවුනට හැකි විය.

 මෙම ගින්න අද උදෑසන 7 ට පමණ මහනුවර යටිනුවර වීදියේ පිහිටි තට්ටු 04 කින් යුත් වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ තුන්වන තට්ටුවේ හටගෙන තිබුණි.
පොලිසිය දැනුවත්වීමෙන් පසු ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවේ නිලධාරින්, පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව ක්‍රියාකර තිබුණි.

 ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලේ සිටි කුඩා දරුවන් ඇතුළු 5 දෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කරන ලදි.
තුවාල කරුවන් වන්නේ කාමනාදන් රාමරාජා (36) තංගවේලු රාධිකා (32) කාමනාදන් නිසාලන් (08) කාමනාදන් සත්‍යජිත් (07) කාමනාදන් සහිතියන් (03 1/2)
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad