අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා අද (21) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා අද (21) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
නවදිල්ලියේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ජාවන්ට සහභාගී වන අගමැතිවරයා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම් නාත් කෝවින්ද් හමුවීමටද නියමිතව තිබේ.
23 වනදා නවදිල්ලියේ එරොසිටි හිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද ඔහු සහභාගී වනු ඇත.
මෙවර සමුළුවේ තේමාව වනුයේ “සැමට සයිබර් : තිරසර සංවර්ධනය සඳහා ආරක්‍ෂිත හා පරිපුර්ණ සයිබර් අවකාශයක්” යන්නයි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා සහ විශේෂ සහායික සැන් පෙරේරා යන අයද ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය.
COMMENTS