යුද්ධයෙන් තුවාල ලැබ පෙනීම අහිමි වූ සහ දුර්වල වූ, අත් පා අහිමිව විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින මෙම හමුදා සාමාජිකයන් විසින් ...
යුද්ධයෙන් තුවාල ලැබ පෙනීම අහිමි වූ සහ දුර්වල වූ, අත් පා අහිමිව විවිධ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින මෙම හමුදා සාමාජිකයන් විසින් මහත් පරිශ්‍රමයකින් යුතුව විශිෂ්ඨ ලෙස නිර්මාණය කර ඇති අත්කම් සහ කලා නිර්මාණ රටේ ප්‍රසිද්ධ කලාගාරයකදී මහජන ප්‍රදර්ශනයට තැබෙන පළමු අවස්ථාව මෙයයි.
යුද හමුදාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පුනරුත්තාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරුසුගේ සුපරික්ෂාවෙන් වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍රයේ සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම අත්කම් හා කලා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.
මැටි, උණබට, තල්, මල්, කඩදාසි, ශාක පත්‍ර, බීජ, පන් සහ වේවැල් භාණ්ඩ, මූර්ති සහ විවිධ කලා නිර්මාණ ඇතුලත් මෙම ප්‍රදර්ශනය, අද (02) දින පෙරවරු 9.00 ට ආරම්භ වී රාත්‍රි 10.00 දක්වා පැවැත්වීමට නියමිතය.
සේයා රූ - ධනංජය සෙනෙවිරත්න
COMMENTS