ඊයේ (28) පෙ.ව. 10 ට කොළඹ රහස් පොලිස් මූලස්ථානයට (CID) පැමිණීමට නියමිතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ ම...
ඊයේ (28) පෙ.ව. 10 ට කොළඹ රහස් පොලිස් මූලස්ථානයට (CID) පැමිණීමට නියමිතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතා, සිය නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලීසිය වෙත දන්වා ඇත්තේ සිය පාදයක ශල්‍යකර්මයක් සිදුකර ඇති බැවින් පැමිණීමට නොහැකි බවයි.
එකී පාදය යථා තත්වයට පත්වන තෙක් 'අවදානම් ගමන් බිමන්' නොකරන ලෙස වෛද්‍යවරුන් ලබාදී ඇති උපදෙස් මත සම්පූර්ණ ඇඳසුවයෙන් විසීමට (Strict bed rest) තමා තීරණය කර ඇති හෙයින් මසකට පසු වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
උසාවියට 'කොකා' පෙන්නලා :
කණිෂ්ට නාවික හමුදා නිළධාරී යෝෂිත රාජපක්ෂ මීට පෙර වතාවකදී ඔහු වෙත මහේස්ත්‍රාත් උසාවිය පණවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කරවා ගැනීම සඳහා කොළඹ මහාධිකරණය වෙත ඉල්ලුම්පතක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ සිය පාදයේ ශල්‍යකර්මයක් සිදුකිරීම සඳහා ඕස්ට්‍රේලියාව කරා යාමට අවසර දෙන ලෙසයි.
එසේ ඉල්ලා දින දෙකකට පසු ඔහු කොළඹ සිට මීගමුව දක්වා මැරතන් ධාවන තරගයක යෙදී සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල පළවිය.
ඔහුට එසේ ඕස්ට්‍රේලියාව කරා යාමට අවශ්‍ය වී තිබුණේ සිය පෙම්වතිය බැලීමට මිස ශල්‍යකර්මයක් සඳහා නොවන බව ඔහුගේ සමීපතමයන් අපවෙත සඳහන් කළහ.
ශිරන්තිගේ ලෙඩේ බෝවෙලා !
යෝෂිතගේ පාදයේ ආබාධය ගැන හොඳින් දන්නා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රහස් පොලිස් නිළධාරීන් වෙත නියෝග කර ඇත්තේ නැවතත් ලබන සතියේ පැමිණෙන ලෙස මවට සහ පුතුට නොතීසි නිකුත් කරන ලෙසයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥයන්ද රහස් පොලීසියට දන්වා එවා ඇත්තේ සිය සේවාදායිකාවට අවශ්‍ය ලියකියවිලි සකස් කරගැනීමට ඇති බැවින් ඒ සඳහා සැප්තැම්බර් මස දිනයක් ලබාදෙන ලෙසයි.
නීතිඥයන්ගේ ඉල්ලීම එසේ වුවද නීතිපති දෙපාර්තමේන්තුව රහස් පොලීසියට උපදෙස් දී ඇත්තේ කෙසේ හෝ ලබන සතිය තුළ මෙම දෙදෙනා ගෙන්වා ගෙන කටඋත්තරයක් ලබාගන්නා ලෙසයි.
එසේ පැමිණීමට අපොහොසත් වන්නේ නම් අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් ලැබී ඇත.
අපල කාලයක් !
මේ අතර රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග පවසන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සාස්තරකරුවන් කිහිප දෙනෙකුම හමුවී උපදෙස් ලබාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා ඒකමතිකව පවසා ඇත්තේ ඇයට හා පුතුට අගෝස්තු මාසය තදබල අපල කාලයක් බැවින් රෝහල්ගත වී හෝ අගෝස්තු මාසය පසුකර සැප්තැම්බර් මාසයේ දිනයක් ලබාගැනීම වඩාත් යහපත් බවයි.
මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ විවිධ තැරැව්කරුවන් හරහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවීමට උත්සාහ කරන අතර ඔවුන් දෙදෙනාම නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රහස් පොලීසියේ කටයුතුවලට මැදිහත් නොවීමට මේ දක්වා වගබලාගෙන තිබේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ද මේ හා සමාන පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම පැසසිය යුතු කටයුත්තකි.
(ලංකා නිව්ස් වෙබ්)
COMMENTS