දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කප්පම් නැති අයවැයෙන් පුංචි කාර් සහනයක්.
Homeප්‍රවෘත්ති

කප්පම් නැති අයවැයෙන් පුංචි කාර් සහනයක්.

PropellerAds

2018 වසර සඳහා වූ අයවැය එළඹෙන 9වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ,මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින්. මෙම අයවැයත් සමග එන්ජින...

ආණ්ඩුව වැඩකරන්නේ පොදු ජාතික හැඟීමෙන් - ගයන්ත කරුණාතිලක
විදේශ ආමාත්‍යධූරය ලබාදීම ගැටලුවක් නං ඒවාට පිළිතුරු දීමට සූදානම් - තිලක් මාරපන
අලි වෙඩිල්ලක් නිසා සිසුවෙකුට ශිෂ්‍යත්ව වරම් අහිමි වේ

2018 වසර සඳහා වූ අයවැය එළඹෙන 9වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ,මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින්.

මෙම අයවැයත් සමග එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහනවල මිළ අඩු වනු ඇති බවට වාහන වෙළඳපොළේ විශ්වාසයක් මතුව තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් වාහන ආනයනයකරුවන් සහ එම ක්ෂේත්‍රයේ  පිරිස් සමග මුදල් අමාත්‍යංශය සාකච්ඡා ද  පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය  අයවැය යෝජනාවලියෙන්  එන්ජින් ධාරිතාව 1000 ට අඩු මරුටි, ඇල්ටෝ වැනි කුඩා මෝටර් රථ සඳහා පෙට්‍රල් ධාරිතාව මත රුපියල් 250 කින් ඒකක බද්ද ඉහළ දමනු ලැබුවා. 

එමගින්  එන්ජින් ධාරිතාව 1000 ට අඩු මෝටර් රථ  ඉහළ යැම සිදුවුණා.


ඒ සමගම ත්‍රිරෝද රථය ද මෙම කාණ්‌ඩයටම අන්තර්ගත වන බැවින් ඒ මත ද පනවා ඇති රුපියල් 250 ඒකක බද්ද නිසා ත්‍රිරෝද රථයක මිලද ඉහළ ගියා.

කප්පම් නැති අයවැයක්

මේ අතර මෙවර අයවැය ලේඛනය සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති මත පදනම් වූ අයවැය ලේඛනයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානියකු පැවසිය.

ඒ අනුව මෙවර අයවැයෙන් තාවකාලික සහන ලබාදීමට වඩා දීර්ඝ කාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ආරම්භක පියවර තැබීඹ සිදු වන බවත් අවධාරණය කල එම ප්‍රකාශකයා, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රට අතිශය දරුණු ණය උගුලක හිර වී ඇති තත්ත්වයක් තුළ ජනතාවට තාවකාලික සහන ලබා දී දේශපාලන වාසි බලාපොරොත්තු වීම අනුවණ ක්‍රියාවක් බවයි.


එකාබද්ධයේ බන්ධුල, මංගලගෙන් කල ඉල්ලීම 

හිටපු මුදල් ඇමැතිවරයා පසුගිය අයවැයෙන් සිදුකළ ප්‍රෝඩාව නැවත සිදු නොකරන්නැයි අලුත් මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, වෙසක් පොහොයට සිඟන්නන්ට පවුඩර් දමන්නා සේ පැලැස්තරවාදී විසඳුම් මෙවර අයවැයෙන් ලබා නොදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බඩු මිලේ ප්‍රශ්නයට ප්‍රධාන වගඋත්තරකරු හිටපු මුදල් ඇමැතිවරයා බවද ජනතාව විඳවන විට හොරු ටයිකෝට් ඇඳගෙන සුවසේ වාසය කරන බවද මන්ත්‍රිවරයා පැවැසීය.

හිටපු මුදල් ඇමතිවරයකු වූ බන්ධුල ගුණවර්ධන මහතා එබව කියා සිටියේ, ඊයේ (05දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කළේය.

උද්ධමනය ඉහළ ගිහින්:

2016 අයවැය ලේඛනය සම්පූර්ණ රැවටීමක්. මෑත කාලයේ ඉතිහාසයේ නොවූ විරූ ලෙස උද්ධමනය ඉහළ ගිහින්.

රටක බඩු මිල වැඩි වීමේ වේගය මැන බැලීමට සකස් කළ දර්ශක අනුව බැලුවත් අසාමාන්‍ය ලෙස මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් වර්ධනය වෙලා තිබෙනවා.

මේ තත්ත්වය ඇති වීම කෙරෙහි බලපෑ හේතු පිළිබඳව සාකච්ඡා කිරීමේ යුක්ති සහගත අයිතියක් අපට තියෙනවා.

කිසිම අර්බුදයක් නොමැතිව ජනතාව මෙලෙස පීඩනයට ලක් වුණේ රටක මිල මට්ටම් හැසිරවීමේ ලේඛන වන අයවැය බොරුවක් බවට පත්වීම නිසයි.

බඩු මිලේ ප්‍රශ්නයට ප්‍රධාන වග උත්තරකරු හිටපු මුදල් ඇමැතියි.

මහ දවල් මහ බැංකුවේ ඇති වුණු මංකොල්ලය නිසා රටේ සමස්ත පොලී අනුපාතය වැඩි වුණා. පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක තියාගන්න දියුණු රටවල් උත්සාහ කරද්දී අපේ පොලී අනුපාතය කීයද? ණය ගෙවාගන්න බැරැව අම්මලා දරුවන්ට වස දාපු අයිස් ක්‍රීම් කවනවා.

ජනතාව විඳවද්දි හොරු ටයිකෝට් ඇඳන් සුවසේ වාසය කරනවා.

ජනතාව උත්තර දෙන්න පෙළගැසිලා:

එන්නේ මොන ඡන්දය වුණත් ජනතාවට දුන් පීඩාවට උත්තර දෙන්න ජනතාව පෙළගැසිලා ඉන්නේ. මේ අයවැය ලේඛනයෙන් රටට ජනතාවට පාර්ලිමේන්තුවට මොනතරම් බොරුවක් කළාද කියන දේ ගැන අපි සම්මන්ත්‍රණයක් පවත්වනවා.


අයවැය යෝජනා ක්‍රියාත්මක නොකිරීම නිසා ශිෂ්‍යත්ව විභාගයේ කට් ඔෆ් මාර්ක් එක ඉහළ ගියා. අගමැති දෙවසරක ප්‍රගතිය ගැන මොකක් කිව්වත් පොල් ගෙඩිය 100යි. හාල් 100යි.''

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කප්පම් නැති අයවැයෙන් පුංචි කාර් සහනයක්.
කප්පම් නැති අයවැයෙන් පුංචි කාර් සහනයක්.
http://ift.tt/2lWFJ2A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_547.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_547.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy