ඒ අනුව ඉදිරි කාලය පොදු ජාතික හැඟීමකින් කටයුතු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. අනාගතවාදී දැක්මකින් ඉදිරියට...
ඒ අනුව ඉදිරි කාලය පොදු ජාතික හැඟීමකින් කටයුතු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. අනාගතවාදී දැක්මකින් ඉදිරියට යන හෙයින් ආණ්ඩුවේ ඉදිරි ගමන දුෂ්කර නොවන බවයි හෙතෙම පැවසුවේ. ඇතැමුන් ආණ්ඩුව කළ දේවල් පිළිබඳ විමසන අතර ජාත්‍යන්තරය තුළ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි වුයේ පසුගිය වසර දෙක තුළ ගෙන ගිය වැඩපිළිවෙල නිසා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
GSP සහනය නැවත ලබා ගැනීම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම, ගෑස් මිල අඩු කිරීම, ඖෂධ මිල අඩු කිරීම,පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම,විශ්‍රාමික දීමනාව වැඩි කිරීම,නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීම,පාසල් සංවර්ධනයට විශාල මැදිහත්වීමක් කිරීම ඇතුළු බොහෝ දෑ පසුගිය වසර දෙක තුළ ආණ්ඩුව සිදු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS