දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදේශ ආමාත්‍යධූරය ලබාදීම ගැටලුවක් නං ඒවාට පිළිතුරු දීමට සූදානම් - තිලක් මාරපන
Homeප්‍රවෘත්ති

විදේශ ආමාත්‍යධූරය ලබාදීම ගැටලුවක් නං ඒවාට පිළිතුරු දීමට සූදානම් - තිලක් මාරපන

PropellerAds

  ඒකාබද්ධ විපක්ෂය හෝ වෙනත් පාර්ශවයක් තමන්ට හිමිවූ අමාත්‍යධූරය පිළිබදව ප්‍රශ්න කරන්නේ නම් එය සෘජුව තමන්ගෙන් විමසන්නේ නම් පමණක් ඔවුන්ට පිළ...

එ.ජා.ප. ප්‍රබලයන් මහ රෑ ජනපති සමඟ සාකච්ඡාවක
එජාප මැති ඇමතීන්ට විශේෂ ලේකම්වරයෙක්
මහ බැංකුවේ ආරක්‍ෂාව ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනාගේ සමාගමකට
විදේශ ආමාත්‍යධූරය ලබාදීම ගැටලුවක් නං ඒවාට පිළිතුරු දීමට සූදානම් - තිලක් මාරපන

 

ඒකාබද්ධ විපක්ෂය හෝ වෙනත් පාර්ශවයක් තමන්ට හිමිවූ අමාත්‍යධූරය පිළිබදව ප්‍රශ්න කරන්නේ නම් එය සෘජුව තමන්ගෙන් විමසන්නේ නම් පමණක් ඔවුන්ට පිළිතුරුදීමට සූදානම් යැයි අද ( අගෝස්තු 20) මහනුවර දී මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේය.

ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඒ මහතා දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය. අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටු ඒ මහතා පසුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

නොසිතූ අවස්ථාවක තමන්ට මෙම පදවිය හිමිවූ බවත් අමාත්‍යංශයේ කටයුතු හැකි උපරිම පරිදි ඉටුකරන බව මහා නායක හිමියන් හමුවේ අමාත්‍යවරයා කීවේය. ගුණාත්මක මෙන්ම උසස් සේවාවක් සිදුකරන බවත් විදේශ රටවල් සමග සුහදත්වයෙන් යුතුව කටයුතු කරන බව ද ඒ මහතා කිවේය.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා, තමන්ට හිමිවූ අමාත්‍යධූරය පිළිබදව මේ දක්වා කිසිදු පාර්ශවයක් ප්‍රශ්න නොකළ බව ද කීවේය.

මානව හිමිකම් පිළිබදව කිසිදු රටක් හෝ සංවිධානයක් අපෙන් මේ වන විට ප්‍රශ්න නොකරන බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

මානව හිමිකම් අපට අලුත් දෙයක් නොවෙයි. සිංහළ ජාතියේ සංස්කෘතිය හා ජන විඥානය තුළ එය අන්තර්ගතයි. ඒ නිසා මානව හිමිකම් සුරක්ෂිත කළ යුතු බවට වෙනත් පාර්ශවයන් අපට බලපෑම් කළ යුතු නැහැ. රටක් ලෙස කුමන දේ සිදුකළත් කරන සෑම කාර්යයකම යහපත් ප්‍රතිඵල පොදු මහජනතාවට උරුම විය යුතුයි.

කිසිදු අවස්ථාවක රණවිරුවන්ට යම් හෝ බලපෑමක් සිදුකරන්න අවස්ථාව දෙන්නේ නැහැ. කිසියම් සංවිධානයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා නම් එය ශ්‍රී ලංකාවේ අධීක්ෂණය මත සිදුවිය යුතුයි. එමෙන්ම ශ්‍රී ලංකාව යම් පරීක්ෂණයක් කරනවා නම් විදෙස් සංවිධානවලට එහි විනිවිද භාවය දැක ගත හැකියි. අපට කිසිදු බලපෑමක් සිදුකරන්න බැහැ. එවැනි යමක් සිදුවන්නේ ද නැහැ.

උතුරු නැගෙනහිර ඇතුලුව විවිධ ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමා ඉවත් කරන ලෙස කිසිදු රටක් අපට කිසිදු බලපෑමක් කොට නැහැ. එවැනි බලපෑමක් කරන්න නීතිමය හා සදාචාරාත්මක හැකියාවක් ද නැහැ. ඇමරිකාවට ගොස් එහි ස්වාධීනත්වයට බලපෑමක් කරන්න අපට පුළුවන්ද? ඒ අයුරින්ම අපේ රටේ නීතියට ස්වාධීනත්වයට බලපෑමක් කරන්න කිසිදු රටකට හෝ සංවිධානයකට බැහැ.

නව රජය පත්වූ විට ඉතාමත් සුදුසු තානාපතිවරු විදේශ සේවය සදහා පත් කළා. ඒ නිසා පත්වීම් ලැබුවන් පිළිබදව ගැටලුවක් නැහැ. යම් ගැටලුකාරී තත්ත්වයක් සහිත අය සිටින්නේ නම් ඔවුන් පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි මේ රටේ ආර්ථීකය හැසිරිය යුතු නැහැ. එමෙන්ම මෙරට ආර්ථිකය ඔවුන්ට අවශ්‍ය ලෙස හැසිරවීමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථීකය හැසිරවීමට අප දැන ගත යුතුයි. ලබා ගත් ආධාර වෙනත් ක්‍රම ඔස්සේ නාස්ති කරන්නේ නම් එය වැළැක්වීම සදහා වැඩපිළිවෙලක් අවශ්‍ය යැයි අමාත්‍ය තිලක් මාරපන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විදේශ හා සංවර්ධන කටයුතු අමාතංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා, අමාත්‍ය තිලක් මාරපන මහතාගේ බිරිද පුතු ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට එක්විය.

නුවර නදීක දයා බණ්ඩාර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදේශ ආමාත්‍යධූරය ලබාදීම ගැටලුවක් නං ඒවාට පිළිතුරු දීමට සූදානම් - තිලක් මාරපන
විදේශ ආමාත්‍යධූරය ලබාදීම ගැටලුවක් නං ඒවාට පිළිතුරු දීමට සූදානම් - තිලක් මාරපන
http://ift.tt/2v3cRWF
https://i.ytimg.com/vi/S4Zgk0Lv-7U/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_892.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_892.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy