නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ යනු නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරියෙකි. හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රමට...
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ යනු නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරියෙකි. හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රමට සහ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහි චෝදනා සම්බන්ධ ලිපිගොනු දැනට පවතින්නේ ඔහුගේ භාරයේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රහස්‍ය මූල්‍ය උපදේශක බව තමන් ම කියා ගන්නා සජින් වාස් ගුණවර්ධනට ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා වලට අදාල විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු භාර දී ඇතත් ඉන් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොදෙමින් රජයේ ඇමතිවරයකු විසින් දැඩි බලපෑමක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට එල්ල කෙරෙමින් පවතී.
සජින් වාස් ගුණවර්ධනට ඇමති ආරක්ෂාව ලබා දී ඇත්තේ ද පෙරකී ඇමතිවරයා විසිනි.
වත්මන් රජය බලයට පත් වූයේම සජින් වාස් වැනි නීලකාස හොරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනතාව හමුවේ පොරොන්දු දෙමිනි. එහෙත් දැන් සජින් වාස්ලාව ආරක්ෂා කරන්නේ ද ඒ රජයේම ඇමතිවරුන් විසිනි. අදාල ඇමතිවරයා සජින් වාස් බේරා ගැනීමේ නින්දිත වෑයම වහාම නැවැත්විය යුතුව ඇත. නොඑසේ නම් තරාතිරම නොබලා ඔහුගේ නින්දිත වෑයම රටට හෙළි කරන්නට අපට සිදුවනු ඇත.
COMMENTS