දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන්වහන්සේ අපවත්වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙනි.
Homeප්‍රවෘත්ති

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන්වහන්සේ අපවත්වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙනි.

PropellerAds

  අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතයේ ආරම්භක යුගයේදී සාමණේර භික්ෂුන් වහන්සේ නමක් ලෙස ගතකර ඇති කාලය අද ව...

මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!
රෝහල්වල අත්‍යවශ්‍ය නැති ශල්‍යකර්ම නවතා දමන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දේ…
මහින්දට යළි අගමැතිකම ගන්නැයි යෝජනාවක්… පොහොට්ටුව පොදු එකඟාවයකින් යෝජනා කලොත් භාරගන්නවා… මහින්ද කියයි!
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන්වහන්සේ අපවත්වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙනි.

 

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතයේ ආරම්භක යුගයේදී සාමණේර භික්ෂුන් වහන්සේ නමක් ලෙස ගතකර ඇති කාලය අද වැඩවසන සෑම තරුණ භික්ෂුන් වහන්සේ නමකටම අනගි ආදර්ශයක් සපයයි. සිය ගුරුහිමිපාණන් ගිලන්ව වැඩසිටි සමයක උන්වහන්සේට උවටැන් ද කරමින් විහාරස්ථානයෙන් සිදූවිය යුතු ආගමික හා සමාජයීය යුතුකම් ඉටුකරමින් තම අධ්‍යාපන කටයුතු ද කිසිදූ අතපසුවීමකින් තොරව සිදූකර ඇත්තේ අපමණ දූක්ගැහැට වළඳමිනි. පසුකාලයේදී විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක් ලෙස මුළු මහත් ලංකාවෙහිම සුපතළ වූ උන්වහන්සේ මේ රටේ සාමාන්‍ය ජනතාව අතර බෞද්ධ සාරධර්ම ප්‍රචලිත කිරීම සඳහා ගනු ලැබූ අනවරත වෙහෙස තුළ ප්‍රදර්ශණය කර ඇත්තේ ද බෞද්ධ භික්ෂන්වහන්සේ නමකගෙන් ඉටුවිය යුතු ශාසනික හා සමාජ කාර්යභාරයයි. පසු කලෙක මේ රටේ ජාතික, ආගමික හා සමාජ ප්‍රශ්න හමුවේ උන්වහන්සේ පිළිපන් මාර්ගය ද බුදූන් වහන්සේ අනුදත් මාර්ගයම වී තිබේ.

ඒ තුළ උන්වහන්සේ සැමවිටම පෙනී සිටියේ සිය පූර්වගාමී බෞද්ධ යතිවරුන් පෙන්වා දූන් අනාගතවාදී දැක්මට අනුකූලවය. "භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රට වැසියාගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය හෝ වේවා වෙන කුමක් හෝ වේවා එය බෞද්ධ භික්ෂූන්ට සුදූසුමය යන පිළිවෙත" උන්වහන්සේගේ ද පිළිවෙත විය. එකී අරුතින්ම උන්වහන්සේ පිළිපන් මග හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාව නිදහස ලැබූ මුල් යුගයේදී මේ රටේ සමස්ථ ජාතියටම නායකත්වය ලබාදී ඇති යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, වල්පොළ ශ්‍රී රාහුල වැනි මහා යතිවරයාණන් වහන්සේලා පෙන්වා දූන් භික්ෂු දේශපාලනයේ මාවත උන්වහන්සේ විසින් තරණය කරන ලද්දේ එකී මුල් අරුතට කිසිදු නිගරුවක් ඇති නොවන ආකාරයටය. ඒ අනුව උන්වහන්සේ නියැළී සිටියේ එක් පක්ෂයක" එක් ජන වර්ගයක" එක් සමාජ කුලයක අභිවෘද්ධිය උදෙසා පිණිසවන කාර්යභාරයක නොවේ. සමස්ථ ජාතියටම වූ වගකීම් සහගත අතිශය දූෂ්කර මගක් තරණය කරන්නට එහිදී උන්වහන්සේට සිදූ විය. ඒ 1947 නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමේ අරගලයට දායකවීම උදෙසා තම පූර්වගාමී මහා සංඝරත්නය අදහස් කළ "අපේ රට වැසියන්ගේ යහපතට හේතුවන ක්‍රියාවලියකට භික්ෂුන් වහන්සේලා මැදිහත්වීමේ වැඩපිළිවෙළ" මනා සේ සිහිතබා ගෙනය.

නූතන ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් සමස්ත කි්‍රයාවලිය සැලකීමේදී අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ පෙන්වා දූන් මග ඊට විවිධාකාරයෙන් මැදිහත්වී සිටි කිසිදු පාර්ශ්වයකට බැහැර කළ නොහැකි වූයේ ඒ නිසාය. මේ රටේ අමද්‍යප ව්‍යාපාරයට පුනර්ජීවනයක් ලබාදෙමින් ආරම්භ කරන ලද උන්වහන්සේගේ එකී වැඩපිළිවෙළ ඒ සඳහා වන ගමනේ සමාරම්භය සනිටුහන් කරලීය. මත්පැන් හා මත්ද්‍රව්‍ය සමාජය ගිල ගනිමින් පැවති මොහොතක ඊට එරෙහිව උන්වහන්සේ ආරම්භ කළ සටන එහි ප්‍රතිඵලයකි. නිස්සාර පුරුෂාර්ථයන් පෙරටුකරගත් ආත්මලාභය උදෙසා පමණක් පෙනී සිටින බල දේශපාලනයට එරෙහිව අප රටේ දැනුවත් සමාජය බලමුළු ගැන්වීම සඳහා උන්වහන්සේ පෙරට එනු ලැබූයේ ඉන් අනතුරුවය. ඒ සඳහා වන පෙනී සිටීම තුළ විටෙක සිරබත් කන්නට ද, තවත් විටෙක මැර ප්‍රහාර වලට ලක්වන්නට ද උන්වහන්සේට සිදූ විය. මරණ තර්ජන, ඝාතන ප්‍රයත්නයන්ට ද මුහුණ දෙන්නට සිදූ විය. එහෙත් උන්වහන්සේ ඒ කිසිවක් නිසා පෙරළා පහර දූන්නේ නැත. ඒ කිසිවෙකුට වෛර කළේ ද නැත. අතිශය දූෂ්කර වූ තත්පරයේදී පවා බුදූ දහමින් උගන්වන අහිංසාවාදී මාවතින් උන්වහන්සේ බැහැර නොවීය.

එක්තරා යුගයකදී මේ රට වෙළාගෙන පැවති ත්‍රස්තවාදයට එරෙහිව උන්වහන්සේ විසින් සමාජගත කරන ලද පණිවිඩය මුළුමහත් ජාතියම එක මිටක රඳවන්නට තරම් ශක්තිමත් විය. දේශපාලනික හා සමාජයීය වශයෙන් බෙදී සිටි ස්ථර ගණනාවක් එක මගකට යොමු කරවීමට තරම් උන්වහන්සේගේ හඬ එහිදී බලවත් විය. ඒ තුළ උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය වූයේ ජාතික වශයෙන් ලබාගතයුතු නිදහසය. ඒ තුළ දේශපාලනික හෝ වෙනයම් කුමන හෝ ආකාරයේ බලයක් අත්පත් කර ගැනීම උන්වහන්සේගේ අභිප්‍රාය නොවීය. වාර්ගික හා ආගමික වශයෙන් කුමන හෝ ආකාරයක අගතියක් සමාජගත කිරීමට ඒ තුළ උන්වහන්සේ කිසිවිටෙක කටයුතු නොකළේය. සමස්ථ ජාතියෙහිම නිදහස හා ආරක්ෂාව තහවුරු වනු දැක්ම උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය විය.

මේ රටේ වීරෝධාර ආරක්ෂක හමුදාවන්හි අප්‍රතිහත ධෛර්යය හා ප්‍රාණ පූජාවන්හි ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රටක් ලෙස අප උදාකරගත් නිදහස පිළිබඳව අප්‍රමාණ සතුටට පත් උන්වහන්සේ එම අවස්ථාව සලකන ලද්දේ ස්වර්ණමය මාවතකට පිවිසිය හැකි මොහොතක් ලෙසටය. සියලූ ජන වර්ගයන්හි සාධාරණ අපේක්ෂාවන් සැලකිල්ලට ගනිමින් රට තුළ ස්ථිරසාර සාමයක් ගොඩනැගිය හැකි අවස්ථාවක් ලෙසටය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ජනතාවගේ නිදහස හා රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා සිදූකළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සුදූසුම වූ මොහොතක් ලෙසටය. අවාසනාවකට මෙන් එකී අවස්ථාව අප වෙතින් මගහැරෙමින් පවතින ආකාරය දූටු උන්වහන්සේ නැවත වරක් තම පය පෙරට තබනු ලැබූවේ ඒ සඳහා වූ වගකීම සමාජයට සිහිපත් කරන්නටය.

එය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ සිය ජීවිත කාලය තුළ මුහුණ දූන් දැවැන්තම අරගලයට පිවිසීමක් බඳුය. ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂ වූ සියලූ බලතල සංකේන්ද්‍රණය කරගත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ගැනීම සඳහා සමාජය තුළ මතයක් ගොඩනැගීමට ද ඒ සඳහා වන සක්‍රිය සමාජ දේශපාලන සංවාදයක් නිර්මාණය කර ගැනීම ද එහි පළමු පියවර විය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනැගීම එහි ප්‍රතිඵලය වූයේය. ඒ තුළ උන්වහන්සේ අපේක්ෂා කරන ලද්දේ හුදු බල මාරුවක් සඳහා වන ක්‍රියාවලියක් පමණක්ම නොවේ. මුළු මහත් සමාජ ආර්ථික හා දේශපාලන දේහයන් පුරා පිළිළයක් මෙන් ඔඩුදූවා පැවති දූෂණය, භීෂණය හා අවනීතිය මත පදනම් වූ බලකාමිත්වයෙන් රට මුදාගෙන මහජනතාවට වගකියන යුක්තිගරුක, සාමකාමී මෙන්ම සමෘද්ධිමත් අනාගතයක් උදෙසා පිවිසිය හැකි සාර්ථක මාවතක් විවර කර ගැනීම උන්වහන්සේගේ ඒකායන අභිලාෂය විය. ඒ සඳහා වන පළමු පියවර ජයග්‍රහණය කරවීමට තරම් උන්වහන්සේ වාසනාවන්ත විය. එහෙත් ඒ අතර දෛවයට ඉඩදී උන්වහන්සේට සමුදීමට මුළුමහත් ජාතියටම සිදූ විය.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන දෙවසරක් සම්පූර්ණවන මේ මොහොතේ පවා අපට සිහිපත් වනුයේ උන්වහන්සේ තුළ පැවති මහාර්ඝ අපේක්ෂාවන්ය. එය පිරිපුන් ලෙස සපුරාලිය හැකි දිනයක ජාතියක් ලෙස අප උන්වහන්සේ වෙත ඇති ණයගැති භාවයෙන් මිදිය හැකි වනු ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක
කරූ ජයසූරිය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන්වහන්සේ අපවත්වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙනි.
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මා හිමිපාණන්වහන්සේ අපවත්වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙනි.
http://ift.tt/2yfnGpT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_463.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_463.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy