දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''මගේ නායකයාගේ බෙල්ල කපා, අගමැතිවීමේ අදහසක් නැහැ' - මංගල.
Homeප්‍රවෘත්ති

''මගේ නායකයාගේ බෙල්ල කපා, අගමැතිවීමේ අදහසක් නැහැ' - මංගල.

PropellerAds

තම පක්ෂයේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 'බෙල්ල කපා' දෙන අගමැතිකමක් බාර ගැනීමට තමාගේ කිසිඳු අදහසක් නැතැයි මුදල් හා මාධ...

නියෝජ්‍ය කථානායක ධුරය ආනන්ද කුමාරසිරිට
TNL රූපවාහිනියේ විකාශන උපකරණ පොලිස් බාරයට
එජාපයේ උප සභාපති මංගල

තම පක්ෂයේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 'බෙල්ල කපා' දෙන අගමැතිකමක් බාර ගැනීමට තමාගේ කිසිඳු අදහසක් නැතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

තම දේශපාලන ජීවිතය තුල කිසිඳු අවස්ථාවක නායකත්වයට එරෙහිව කටයුතු කර නැතැයි පැවසු සමරවීර මහතා, කිසියම් මතවාදීමය හෝ වෙනත් ගැටළුවක් මතුවූ ඕනෑම අවස්ථාවක දී පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ජා කර එකඟත්වයක් ඇතිකර ගැනීම තම දේශපාලන භාවිතාව බවද කියා සිටියේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා එබව කියා සිටියේ, බැඳුම්කර කොමිසම හමුවට යාමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවටත්, එම තත්වය තුල 
යම් හෙයකින් අග්‍රාමාත්‍ය වරයා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර අග්‍රාමාත්‍ය ධූරය සඳහා කරු ජයසූරිය, සජිත් ප්‍රේමදස හෝ  මංගල සමරවීර යන එජාප ජ්‍යේෂ්ඨන් ගේ නම් යෝජනා වනු ඇති බවටත් ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදීය.

පට්ට පල් බොරුවක් !

ජනාධිපතිවරයා පසුගියදා මංගල සමරවීර, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් කැඳවා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමින් ඉවත්වන්නැයි ඉල්ලීමක් කල බවට එම මාධ්‍යවල පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා, ජනාධිපතිවරයා කිසිඳු අවස්ථාවක එවැනි ඉල්ලීමක් නොකළ බවත්, එවැනි කිසිඳු කරුණක් සාකච්ජා නොකළ බවත් අවධාරණය කර සිටියේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විරසකයක් ඇතැයි ඇතැම් මාධ්‍ය වල පලවන වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කල අමාත්‍ය මංගල සමරවීර මහතා, අගමැතිවරයා සැම සතියකම දිනක් හෝ දෙකක් ජනාධිපතිවරයා හමුවී පැය කිහිපයක් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සුහඳ සාකච්ජා පවත්වන බවත් වැඩිදුරටත් කියා සිටියේය.

මට නැත්නම් තොපිටත් නැ :

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විරසකයක් ඇති බවටත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් අගමැතිධුරයට ඒමට එජාපයේ නායකයකු කුමන්ත්‍රණයක දී සිටින බවටත් මංගල සමරවීර මහතා එහි ඉදිරියෙන්ම සිටින බවටත් එජාපයේම ජ්‍යෙෂ්ඨයෙකු පසුගිය සති කිහිපයෙහි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් වරින් වර කැඳවා ප්‍රකාශ කර තිබු අතර ඔහුගේ මුදලින් නඩත්තුවන සමාජ මාධ්‍ය කිහිපයක් ද එම කාරණය ප්‍රචාරය කර තිබිණ.

එම තත්වය තුල පක්ෂය තුල කල්ලි කණ්ඩායම් සැදීමේ කුමන්ත්‍රණ වහාම නවත්වන ලෙස අදාල එජාප ප්‍රබලයට දැනුම් දී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මින් ඉදිරියට එවැනි සාකච්ජා වලට සහභාගී නොවන ලෙස මන්ත්‍රීවරුන්ට ද දැනුම් දී තිබිණ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''මගේ නායකයාගේ බෙල්ල කපා, අගමැතිවීමේ අදහසක් නැහැ' - මංගල.
''මගේ නායකයාගේ බෙල්ල කපා, අගමැතිවීමේ අදහසක් නැහැ' - මංගල.
http://ift.tt/2yAfzoe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy