TNL රූපවාහිණියේ පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ විකාශන කටයුතු මේවන විට ඇණහිට තිබේ. පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් ...
TNL රූපවාහිණියේ පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ විකාශන කටයුතු මේවන විට ඇණහිට තිබේ.
පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල් තැබීම හේතුවෙන් එම විකාශන කටයුතු අඩපණ වී ඇතැයි එම නාලිකාව පවසයි.
එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, වයඹ හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක සිය විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව ද TNL රූපවාහිණී ආයතනය සඳහන් කරයි.
කෙසේ වෙතත් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගෙන ඇතැයි වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසූවේ විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ(04) දිනයේ දී අවසරයකින් තොරව විදුලි කුළුණු පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි.
එම පැමිණිල්ල අනුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙසට හා එහි ඇති විකාශන උපකරණ, පොලිස් බාරයට ගන්නා ලෙසට නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ වනවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් පොල්ගහවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරයි.
කෙසේ වෙතත් ටීඑන්එල් රූපවාහිණියේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට සඳහන් කළේ සිය නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරකට මුද්‍රා තබා එහි වටිනා භාණ්ඩ රැගෙන යාමට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
COMMENTS