පුරප්පාඩුව පැවති නියෝජ්‍ය කථානායක තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි තෝරා ගනු ලැබීය. ඒ පාර්ලිමේන්තුවේ අ...
පුරප්පාඩුව පැවති නියෝජ්‍ය කථානායක තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි තෝරා ගනු ලැබීය.
ඒ පාර්ලිමේන්තුවේ අද (05) පස්වරුවේ පැවති රහස් ඡන්ද විමසීමකින් අනතුරුවය.
නියෝජ්‍ය කථානායක තනතුර සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ නම් යෝජනා වී තිබිණි.
රහස් ජන්ද විමසීමේ දී ආනන්ද කුමාරසිරි මහතා ජන්ද 97ක් ලබා ගත් අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජන්ද 51ක් ලබා ගෙන ඇත.
COMMENTS