පක්‍ෂ නායකත්වයේ තීන්දුව මත කොළ බලකොටුව දෙදරා යෑම හෝ අණසක පැතිරවීම සිදුවන බවත් ජනතාව ඉල්ලන ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාසට නොලැබ...
පක්‍ෂ නායකත්වයේ තීන්දුව මත කොළ බලකොටුව දෙදරා යෑම හෝ අණසක පැතිරවීම සිදුවන බවත් ජනතාව ඉල්ලන ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාසට නොලැබුණහොත් මාතලේ කොළ බලකොටුව පමණක් නොවෙයි රටේ කොළ බලකොටුව නියත වශයෙන්ම දෙදරා යන බව මාතලේ පුරපති ඩල්ජිත් අළුවිහාරේ මහතා පැවැසීය.
මාතලේ මහ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එසේ ප‍්‍රකාශ කළ අළුවිහාරේ මහතා එහිදී මෙසේ ද කීය.
පක්‍ෂය දිනවීමේ කැරැල්ලක් බදුල්ලෙන් ආරම්භ කළා. බලයට නිලයට පහසුකම්වලට කෑදර දේශපාලූවෝ නොවන ලෙස පාක්‍ෂිකයෝ ඉල්ලනවා. බොහෝ ජ්‍යෙෂ්ඨයෝ පමණක් නොවෙයි පසු පෙළ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම ඒකයි. පක්‍ෂයේ අනාගතය ආරක්‍ෂා කර ගැනීමට පක්‍ෂ නායකත්වය ජනතාවගේ හඬට ඉඩදී පක්‍ෂ නායකත්වයෙන් සමු ගැන්මට පියවර ගතයුතුයි. රනිල් වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට අපි සූදානම්. පක්‍ෂයේ අනාගතය සජිත්ට භාර දෙන්න. පක්‍ෂය වනසා මැරෙන්න එපා. සෙසු පක්‍ෂවලට ආදර්ශයක් වන්නැයි රනිල් වික‍්‍රමසිංහ
මහතාගෙන් විවෘත ආයාචනයක් කරනවා.
පක්‍ෂයේ පවතින ඡන්ද පදනම සෝදා පාළුවට පත් කර දියාරු කර දුක් වෙනවාට වඩා රටට අවශ්‍ය ඉල්ලන නායකත්වයක් ඇති කිරීමට පියවර ගත යුතුයි. එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් බහුතරය වගේම තරුණ දේශපාලනඥයන් බහුතරයක් අද සජිත් සමග. රට මුලා කළ යහපාලනය කෙරෙහි කිසිවෙකුගේ විශ්වාසයක් නැහැ. ඇතිවූ අපේක්‍ෂාවන් බිඳ වැටිලා. රටටම යහපාලනය හිසරදයක් වෙලා. දේශපාලන නායකයෝ බලයට කෑදරයි. බලූ දේශපාලනයක් අද රටේ පවතින්නේ.
ව්‍යාපාර ක්‍ෂෙත‍්‍රය අන්තයට පිරිහිලා. තේ රබර් ඇතුළු අපනයන භෝග ක්‍ෂෙත‍්‍රය හාන්සියි. ගොවියෝ අසරණයි. නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටිලා. ආර්ථීකය ගොඩ නැගීම රට හමුවේ බරපතල අර්බුදයක්. පිරිසක් සුර සැප විඳිනවා. ජනතාව අන්ත අසරණව දුකට පත්වෙලා. ජනතාව මුලා කරන රටේ ආර්ථීකය විනාශ කරන වත්මන් දේශපාලන රටාවට ජනතාව තිත තැබිය යුතුයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී පාක්‍ෂිකයන් බහුතර ජනතාව ඉල්ලන නායකත්වයට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සූදානම් නැති නම් රට ඉල්ලන රටේ අනාගතයට වඩා හොඳ තීන්දු තීරණ ගන්නා අපේක්‍ෂකයෙක් ඉදිරියේ පත්නොවුණොත් පක්‍ෂය ගැන නොසිතා නිවැරදි තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ඊට මාතලේ ජනතාවද එක්වනු ඇති බව පුරපති ඩල්ජිත් අළුවිහාරේ මහතා පැවැසීය.
– divaina
COMMENTS