ව වුනියාව මහරෝහලේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම හා නව ගොඩනැගිල්ලකට මුල් ගල තැබීමේ අවස්ථාවට ඊයේ (14) දින සහභාගී වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසි...
වවුනියාව මහරෝහලේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම හා නව ගොඩනැගිල්ලකට මුල් ගල තැබීමේ අවස්ථාවට ඊයේ (14) දින සහභාගී වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිස පිළිගැනීමේ අවස්ථාවේ සිට නව ගොඩනැගිල්ල වෙතට මුල් ගල තැබීමේ අවස්ථාව දක්වා ආගමික නායකයින්ට ආගමික වතාවත් සිදු කිරීමට සංවිධායකයින් අවස්ථාවක් නොදීම හේතුවෙන් පූජ්‍ය පක්ෂය දැඩි අපහසුතාවයකින් එම අවස්ථාවෙන් ඉවත්ව ඇත.
නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම හෝ මුල ගල තැබීමේ අවස්ථාවක් සිදු වන විට සම්ප්‍රධායානුකූලව ආගමික වතාවත් සිදු කෙරෙන අයුරින් මහ රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත්ත කිරීම හා මුලගල තැබීමේ අවස්ථාවන්ට පූජ්‍ය පක්ෂය වෙනුවෙන් පූජ්‍ය කුරුඳුකොඩ පඤ්ඤාසාර හිමියන් ඇතුලු හින්දු පූජකවරයෙකු හා කතොලික පූජක වරයෙකු වෙත ආරාධානා කොට සහභාගී කරවීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.
නමුත් ආග්‍රාමාත්‍ය තුමන් එම ස්ථානයට පැමිණ නව ගොඩනැගිල්ල විවෘත කරන සථානයට සහභාගී වී පළමුව විවෘත කිරීම සිදු කොට ඇත්තේ කිසිදු ආගමික වතාවත් සිදු කිරීමක් නොමැතිවය එහිදී දැඩි ලෙස අපහසුතාවයට පත් වූ පූජ්‍ය පක්ෂයට නැවත නව ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල් ගල තබන ස්ථානයට පැමිණෙන ලෙසින් ආරාධනාවක් ලැබී ඇති අතර එහිදී පූජ්‍ය පක්ෂය එම ස්ථානයට යන විටත් අග්‍රාමාත්‍ය තුමන් ඇතුලු පිරිස් එම ස්ථානයට පළමුව රැගෙන ගොස් මුල්ගල් තැබීමේ කටුයුතු ආරම්භ කිරීමට සංවිධායකයින් පියවර ගැනීම හේතුවෙන් පූජ්‍ය පක්ෂය දැඩි සේ අපහසුතාවයට පත්ව සංවිධායකයින්ට එහි වැරදි ක්‍රියාමාර්ගයන් පෙන්වා දී ආගමික වතාවත් සිදු නොකොටම එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.
අගමැතිතුමන්ගේ වවුනියාව සංචාරය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කර්මාන්ත අමාත්‍ය රිෂාඩු බදියුදීන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිවමෝහන් ඇතුලු පිරිසක් සහභෘගී වී සිටියහ.
– වන්නි රොමේෂ් මධූෂංඛ

COMMENTS