අසීර් පළාතේ උප ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ඔහු, තවත් නිලධාරීන් කිහිප දෙනෙක් සමග මෙම හෙලිකොප්ටර් අනතුරට ලක්වී තිබෙන්නේ යේමන දේශ...
අසීර් පළාතේ උප ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ඔහු, තවත් නිලධාරීන් කිහිප දෙනෙක් සමග මෙම හෙලිකොප්ටර් අනතුරට ලක්වී තිබෙන්නේ යේමන දේශසීමාව අසලදී ය. එම නිලධාරීන් ද අනතුර නිසා මිය යන්නට ඇතැයි වාර්තා වේ. හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව තවම සොයාගෙන නැත.
සෞදි අරාබිය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ යේමනය දෙසින් එල්ල වන මිසයිල අතරමගදී විනාශ කිරීම සඳහා තමන් මිසයිල නාශක පද්ධතියක් රියාද් නගරය ආශ්‍රිතව සක්‍රිය කර ඇති බවයි. යේමනයේ සටන්කරුවන්ට එරෙහි යුද්ධයේ සෞදි අරාබිය පාර්ශවකරුවෙකි. අනතුරට පත් හෙලිකොප්ටර යේමන දේශසීමාවේ නිරීක්ෂණ චාරිකාවක නියැළී සිටි බව වාර්තා වේ.
මියගිය මන්සූර් බින් මුක්රින් කුමරුගේ පියා, සෞදියේ ඔටුන්න හිමි කුමාරයෙක් ව සිටි මුක්රින් බින් අබ්දුල් අසීස් ය. 2015 වසරේ කිරුළු පැළඳීමෙන් මාස කිහිපයකට පසු ඔහුව බලයෙන් ඉවත් කිරීමට මුල් වූයේ ඔහුගේ අර්ධ සහෝදරයෙකු වන වත්මන් සෞදි රජු මන්සූර් බින් මුක්රින් කුමරු විසිනි.
මෙම අබිරහස් මරණය සිදුවූයේ සෞදි රජුගේ ආඥාවෙන් ක්‍රියාත්මක වන සෞදියේ දූෂණ මර්දන කමිටුව විසින් සෞදි කුමාරවරුන් සහ අමාත්‍යවරුන් ඇතුළු 38 දෙනෙක් හදිසියේම අත්අඩංගුවට ගැනීමෙන් පැය 24 ක් ඇතුළත වීම විශේෂත්වයකි. මෙම අත්අඩංගුවට ගැනීම් මගින් බලාපොරොත්තු වන්නේ සෞදියේ මීළඟ රජු ලෙස සැලකෙන 32 හැවිරිදි ඔටුන්න හිමි කුමාරයා, මොහොමඩ් බින් සල්මන්ගේ ඉදිරි පාලනය ශක්තිමත් කිරීමට බවට සැලකේ. මොහොමඩ් බින් කුමාරයා දූෂණ මර්දන කමිටුවේ ප්‍රධානියා ද වේ.
- අමාලි ජයවීර
COMMENTS