දැනට දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දරුවන් අපයෝජනයට, අපචාරවලට, හිංසනවලට දිනෙන් දින ලක්වන අතර වීදී දරුවන්ගේ ප්‍රමාණය ද වැඩි වෙමින් පවතින බවත්, ...
දැනට දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දරුවන් අපයෝජනයට, අපචාරවලට, හිංසනවලට දිනෙන් දින ලක්වන අතර වීදී දරුවන්ගේ ප්‍රමාණය ද වැඩි වෙමින් පවතින බවත්, එම දරුවන් වෙනුවෙන් වගකියන ආයතන සහ නිළධාරීන් මෙම සිද්ධීන් ගැන වැඩි වශයෙන් සොයා නොබලා මුනිවත රැකීම පුදුමයට කරුණක් බවත්, අප සැම දෙනාම සීතකාමර වල සිට සැලසුම් සකස් කරනවා වෙනුවට මහ පොළවේ යථාර්තය හදුනාගෙන සදළුතලවලින් බිමට බැස රටේ දරුවන්ගේ අනාගතය සුභදායී කිරීම වෙනුවෙන් ඉතා ඵලදායි කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මාදිවෙල පැවති ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිතුමන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් පැවසීය.
ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා අද දින වැඩ භාර ගත් අතර, එම මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කරමින් සිටී.මෙම අවස්ථාවට පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන , පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය පින්නවල සංඝසුමන, පූජ්‍ය දෙමටගොඩ ආරියවංශ ස්වාමීන් වහන්සේලා මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ඇතුලු නිළධාරීන් පිරිසක් ද සහභාගී විය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, දීර්ඝ කාලයක සිට අප විසින් දරුවන් මෙම ඛේදවාචකවලින් බේරා ගැනීම සදහා විවිධ සැලසුම් සකස් කළත් එම සැළසුම් මහපොළවේ යථාර්තයක් බවට පත්ව නැති බවත් අප විසින් සෑදූ සැලසුම්වල කුමන හෝ අඩුවක් තිබෙන බව අප සැම දෙනාම තේරුම් ගත යුතු වන අතර දරුවන්ට කුමන හෝ අනතුරක් සිදු වුවහොත් එය එක් එක් ආයතනවලට යොමු නොකර එය අන් අයගේ වගකීමක් යැයි නොපවසා එම වගකීම අප සැමගේම කාර්යයක් සේ සලකා කටයුතු කළ යුතු අතර විශේෂයෙන්ම ළමා ආරක්ෂක අධිකාරිය එහි මූලික වගකීම ගත යුතු වන අතර අතිගරු ජනාධිපතිතුමන් ද අපේ රටේ කාන්තාවන් හා දරුවන්ට සිදුවන හිංසන හා අපයෝජන පිළිබද දැඩි සැළකිල්ලෙන් සිටින අතර එම උවදුරුවලින් දරුවන් හා කාන්තාවන් මුදවා ගැනීම සදහා ක්‍රියාමාර්ග ගැනීමට අප වෙත නිතර නිතර උපදෙස් ලබා දෙන බව ද අමාත්‍යවරයා පවසා සිටියේය.
– media unit

COMMENTS