පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව තම පක්ෂය ආණ්ඩුව තුළ දැරූ සාමූහික වගකීමෙන් බැහැරව කටයුතු කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ...
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව තම පක්ෂය ආණ්ඩුව තුළ දැරූ සාමූහික වගකීමෙන් බැහැරව කටයුතු කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල්, චමින්ද විජේසිරි මහතා සහ කාවින්ද ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය.
“බොරු වලංගු දාන්න එපා. පක්ෂයක් හැටියට අපි එක්සත් ජාතික පක්ෂය සාමූහික වගකීමක් හැටියට මෙතෙක් කාලයක් මේ කල්කිරියාව වැහුවා. හැංගුවා. ආණ්ඩුවක් රජයක් හැටියට අපි එලිමහනේ කතා කළේ නැහැ. මෙතනින් පස්සේ මේ බාලගිරියව නිරන්තරයෙන් කවුද කියන එක එලි කරන්න මේ සාමූහික වගකීම කඩලා අපිත් එළියට එනවා කියන්න මේ අවස්ථාවේදී කැමතියි”
COMMENTS