විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ‍්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලත...
විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සකස් කරන විශ‍්‍රාම වැටුප ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ලබාදිය හැකි වෙතැයි අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.
ඉකුත් වසරේ අයවැයෙන් මෙම විශ‍්‍රාම වැටුප ලබා දීම යෝජනා වූ අතර එහි කටයුතු කෙරෙමින් පවතින බවද තමන් අධිකරණ අමාත්‍යවරිය ද වන නිසා එහි නීතිමය කටයුතු දැන් වඩාත් පහසු වී ඇතැයිද අමාත්‍යවරිය කීවාය.
සමහර කටයුතුවලට යම් කාලයක් යන්නේ යැයි ද කී අමාත්‍යවරිය විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් කාර්යංශයේ වෙනම අංශයක් ඇති කිරීමට කටයුතු යොදන බව ද පැවැසුවාය.
කෙසේ වෙතත් මේ විශාම වැටුප සඳහා දායක විය හැක්කේ ලියාපදිංචි වී විදේශ ගත වන අයට පමණක් වනු ඇති බවත් නීති විරෝධී අන්දමින් රට යන කිසිවෙකුට ඊට දායක විය නොහැකි වන බවත් ඇමැතිවරිය කීවාය.
අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඊයේ (17) පැවැති වන්දි මුදල් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
COMMENTS