මෙම වසරේ ජනවාරි මස සිට මාර්තු මාසය දක්වා වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 476 දෙනෙකු මිය ගොස් තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජා...
මෙම වසරේ ජනවාරි මස සිට මාර්තු මාසය දක්වා වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 476 දෙනෙකු මිය ගොස් තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේ මින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරුවලින් බවය.
යතුරුපැදි අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 180 දෙනෙකුය.
එමෙන්ම රිය අනතුරුවලින් පදිකයින් 139 දෙනෙකු, මගීන් 70 දෙනෙකු සහ රියදුරන් 39 දෙනෙකු මියගොස් ඇති බව එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS