අගෝ 25, 2017 10:15 නලින් දිල්රුක්ෂ 1893දි හපුතලේටත් 1894දි බණ්ඩාරවෙලටත් පැමිණෙන දුම්රිය මාර්ග තැනීමේ කටයුතු ඇල්ල දුම්රිය ...
1893දි හපුතලේටත් 1894දි බණ්ඩාරවෙලටත් පැමිණෙන දුම්රිය මාර්ග තැනීමේ කටයුතු ඇල්ල දුම්රිය ස්ථානය පසු කර ටික දුරක් යන විට වංගුවක් සමඟ පාලමක් දැමීමට අවශ්‍ය වන ස්ථානයකට පැමිණියා. ඒ 1919දී තනා නිම කළ අඩි 100ක් උස අඩි 400ක් දිග ගොටුවල ආරුක්කු නවයේ පාලම හෙවත් අහස් නවයේ පාලම(Nine arches viaduct) පිහිටි ස්ථානය. මෙය ශ්‍රී ලාංකිකයන් අතර සෑහෙන්න ප්‍රසිද්ධියක් උසුලන්නේ මෙය දෙමෝදර ප්‍රදේශයේ වාසය කළ ‘අප්පුහාමි’ නමින් හඳුන්වන බාස් කෙනෙකුගේ නිර්මාණයක් වශයෙනි. නමුත් ඒ කතාව නිවැරදි නැහැ. මෙවැනි ආරුක්කු සහිත පාලම් යුරෝපයේ බහුලව දකින්න පුළුවන් පාලම් විශේෂයක් වන අතර උඩරටට මාර්ගය එළීමේදී අලගල්ල කන්ද පාමුල තිබූ මෙවැනිම පාලමක් (Alagalla viaduct) පිළිබඳවද ඉතිහාසයේ සඳහන් වනවා. ඒ නිසා මෙය අප්පුහාමි බාස්ගේ නිර්මාණයක් නොවන බව නම් පැහැදිලියි. එහෙනම් කවුද මේ අප්පුහාමි බාස්? මෙන්න මේ ප්‍රකාශනයේ සඳහන් වෙනවා මෙය බ්‍රිතාන්‍යයන්ගේ අධීක්ෂණය යටතේ සම්පූර්ණයෙන්ම දේශීය ශ්‍රමයෙන් ගොඩනැංවූවක් බව. එසේ නම් මේ අප්පුහාමි බාසුන්නැහේ ඒ වැඩ කණ්ඩායමේ ප්‍රධාන බාස් වෙන්න පුළුවන් බව සමහරුගේ මතයක් තිබෙනවා. එය නම් පිළිගත හැකි මතයක්.
COMMENTS