වේයන්ගොඩ, හීන්දෙණිය පට්ටියගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු බරපතළ...
වේයන්ගොඩ, හීන්දෙණිය පට්ටියගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කොළඹ බලා ධාවනය වු තෙල් ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක පාර හරස් කොට ධාවනය කර මෝටර් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
බරපතළ තත්ත්වයේ පසුවන තුවාලකරු මේ වන විට වතුපිටිවෙල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
කෙසේ වෙතත් මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර විදුලි සංඥා සහ සීනුව පමණක් නාද වන ස්ථානයක් බව වාර්තා වෙයි.
COMMENTS