අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින ඉන්දීය නිල සංචාරයකට සහභාගිවීම සඳහා අද (04) නවසීලන්තයේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත් වීමට...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින ඉන්දීය නිල සංචාරයකට සහභාගිවීම සඳහා අද (04) නවසීලන්තයේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත් වීමට නියමිතය.
සිය නවසීලන්ත නිල සංචාරය නිමවීමෙන් අනතුරුව නවසීලන්තයේ වෙලින්ටන් නුවර සිට නවදිල්ලිය බලා යන රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කීප දෙනකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් 6 වැනිදා නවදිල්ලි නුවරදී ආරම්භ කෙරෙන ඉන්දීය ආර්ථික සමුළුව සඳහාද අගමැතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වෙති.
මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි, පස්‌අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, සංවර්ධන ඒජන්සියේ අධ්‍යක්‍ෂ මංගල යාපා, විදේශ අමාත්‍ය පුද්ගලික ලේකම් ලක්‍ෂ්මී ජෙගනාදන් යන මහත්ම මහත්මීහුද මෙම සංචාරයට එක්‌වෙති.
COMMENTS