දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැයේ මෝටර් රථ සහනය යළි වෙනස් කරයි
Homeප්‍රවෘත්ති

අයවැයේ මෝටර් රථ සහනය යළි වෙනස් කරයි

PropellerAds

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අයවැය 2018 මගින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල ...

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති CID අත්අඩංගුවට
සජිත්ගේ ජාත්‍යන්තර දැනුමට ලෝක බැංකුවෙන් පොලු පහරක්.. ලංකාව ඉහල මැදි ආදායම් රටක් කරයි
ජනාධිපතිට විරුද්දව 2/3කින් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන්න සූදානම් !
අයවැයේ මෝටර් රථ සහනය යළි වෙනස් කරයි

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අයවැය 2018 මගින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව නොවැම්බර් 09 වන දිනට ප්‍රථම, වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර ඇති ණයවර ලිපි මගින් මෙරටට ගෙනඑනු ලබන වාහන අයවැයට පෙර පැවති තීරුබදු ප්‍රකාරව නිශ්කාශණය කිරීමට අදාළ පුද්ගල ආනයනකරුවන්හට අවසර දෙනු ලැබේ. කෙසේ වෙතත් මෙසේ ආනයනය කරනු ලබන වාහන පැරණි තීරුබදු ක්‍රමය යටතේ 2018 අප්‍රේල් මස 30 දිනට ප්‍රථම නිශ්කාශණය කරගත යුතුවේ.

විද්‍යුත් මෝටර් රථ තීරුබදු සහනය

තවද, ආනයනය කරනු ලබන විද්‍යුත් මෝටර් රථ සඳහා අයවැය 2018 මගින් ලබාදී ඇති තීරුබදු සහනය එක් වසරකට නොවැඩි කාලයක් සහිත භාවිත කරන ලද වාහන වලටද ලබාදීමට තීරණය කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, මෙසේ වසරක් පැරණි විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමේදී රු. දසලක්ෂයක පමණ තීරුබදු සහනයක් හිමිවනු ඇත.

මෙම නව රෙගුලාසි අනුව වසරකට නොවැඩි කාලයක් සහිත භාවිත කරන ලද කිලෝවොට් 100 කට වඩා අඩු ධාරිතාවයකින් යුත් විදුලි කාර් ආනයනය කිරීමේදී වාහනයේ එක් කිලෝ වොට් ධාරිතාවක් සඳහා රු. 12,500 බැගින් තීරුබදු අයකරනු ලැබේ.

වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන ආනයනය කිරීම දිරිගැන්වීමේ බදු ව්‍යුහයක් මෙවර අයවැය මගින් හඳුන්වා දී ඇත. වාහන ආනයන ආදායමේ සිදුවන කාන්දුවීම්ද අවම කිරීමේ අරමුණින් එන්ජින් ධාරිතාව මත පදනම් වූ බදු සූත්‍රයක් මුදල් අමාත්‍යවරයා විසින් හඳුන්වා දීම මගින් ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන වාහන වල බදු ක්‍රමය සාධාරණ ක්‍රමයකට යටත් කර ඇත.

කල්බදු සඳහා ණය අනුපාතය

තවද, මෝටර් කාර් රථ සඳහා දැනට ක්‍රියාත්මක 50:50 වන වටිනාකමට ණය අනුපාතය (LTV) දෙමුහුන් වාහන සඳහා 70:30 අනුපාතය දක්වා වෙනස් කරනු ලැබේ. ඒ අනුව එවැනි වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගන්නා කෙනෙකුට පෙර පැවති වාහනයේ වටිනාකමින් 50% ගෙවීම වෙනුවට 30% ක් පමණක් ගෙවා වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත.

ඒ අනුව වාහන සඳහාවටිනාකමට ණය අනුපාතය අනුව මූල්‍යන පහසුකම් පහත පරිදි වේ.

පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ - වටිනාකමින් 50%

දෙමුහුන් මෝටර් රථ - වටිනාකමින් 70%

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ - වටිනාකමින් 90%

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැයේ මෝටර් රථ සහනය යළි වෙනස් කරයි
අයවැයේ මෝටර් රථ සහනය යළි වෙනස් කරයි
http://ift.tt/2zOhclP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy