දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට.
Homeප්‍රවෘත්ති

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට.

PropellerAds

ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන...

“සාම සාධක මෙහෙයුම් සඳහා යවන භට පිරිස ඉදිරි වර්ෂයේදී 07 දක්වා අඩු විය හැකියි” - ජානිපෙ
වතුකරය උණුසුම් වෙයි - වාහන ගමනාගමනයටත් බාධා
Tour Of Irakkandi | සුන්දර ඉරක්කණ්ඩි මිහිරියාව විඳගනිමු

ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 11) නිකුත් කෙරුණි.

ඒ අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යයි. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි.

මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඒ අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි.

මහ නගර සභා සභික ප්‍රමාණයක් වැඩිවීම:

  1. කොළඹ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 55 සිට 110
  2. දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 32 සිට 48
  3. ශ්‍රී ජයවර්ධන පුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 20 සිට 35
  4. කඩුවෙල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 28 සිට 46
  5. මොරටුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 29 සිට 48
  6. මීගමුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 26 සිට 48
  7. ගම්පහ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 18 සිට 28
  8. කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21
  9. මහනුවර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 24 සිට 41
  10. මාතලේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 21
  11. දඹුල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 21
  12. නුවර එළිය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 10 සිට 21
  13. බදුල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 25
  14. බණ්ඩාරවෙල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 19
  15. ගාල්ල මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 35
  16. මාතර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28
  17. හම්බන්තොට මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 12 සිට 21
  18. රත්නපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 15 සිට 28
  19. අනුරාධපුර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 13 සිට 25
  20. යාපනය මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 23 සිට 45
  21. මඩකළපුව මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 33
  22. අම්පාර මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 16
  23. කල්මුණේ මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 19 සිට 34
  24. අක්කරපත්තු මහ නගර සභා මන්ත්‍රී සංඛ්‍යාව 9 සිට 24

එයට අමතරව නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 276කද සභික සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවේ. මේ වැඩිවීමත් සමග එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා සඳහා අතිවිශාල මුදලක් රජයට දැරීමට සිදුවන අතර මෙම නවක මන්ත්‍රීවරු සමග රැස්වීම් පැවැත්වීමට බොහෝ නගර සභා හා ප්‍රාදේශීය සභා ගොඩනැගිලිවල ඉඩකඩ නොමැති බැවින් රැස්වීම් ශාලා යළි ඉදිකිරීමටත් සිදුවිය හැකිය.

මෙම නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 60%ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයටද ඉතිරි 40% සමානුපාතික ක්‍රමයටද තෝරා පත්කර ගැනීමට නියමිතය. ඒ අනුව එක් සභාවකට ඉදිරිපත්වන පක්ෂයක්/කණ්ඩායමක් සිය නාම යෝජනා ලබාදීමේදී ආකෘති පත්‍ර වර්ග දෙකක් ඉදිරිපත් කළ යුතුය.

  1. පළමු නාම යෝජනා පත්‍රය - පළාත් පාලන බල ප්‍රදේශය සඳහා කොට්ඨාස වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත සභික සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවකගේ නම් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. (බහු කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි දෙදෙනෙකු හෝ තිදෙනෙකු නම් කළ යුතුය)
  2. අතිරේක නාම යෝජනා පත්‍රය - කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව 60% ක් ලෙස සලකා , ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂක නම් සංඛ්‍යාවක් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. සමානුපාතික නියෝජනයෙන් තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව සඳහා මෙම ලයිස්තුවේ අපේක්ෂකයන් නම් කරනු ලැබේ.

කාන්තා හා තරුණ නියෝජනය

කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ. ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව - එම නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවටද දක්වා තිබේ.

ඒ අනුව 8000කට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2000කට ආසන්න ප්‍රමාණයක්වත් කාන්තාවන් පත්වනු ඇති බවට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විශ්වාසය පළ කරති.

මෙලෙස කාන්තා නියෝජනය වැඩිවුවත් මෙතෙක් තරුණ නියෝජනය අනිවාර්ය කරමින් තිබු නීතිය ඉවත් කර තිබෙන බැවින් තරුණ නියෝජනය අඩුවනු ඇති බවට ඇතැම් විශ්ලේෂකයෝ අවධානය පළ කරති.

ජන්දය කවදාද ?

පළාත් පාලන මැතිවරණය ජනවාරි මස 25 වැනිදාත් 31 වැනිදාත් අතර දිනක දී පවත්වන බව මේ අතර මැතිවරණ කොමිසම පවසයි.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන පරිදි සඳුදා (නොවැම්බර් 13) සිට දින 80 ක්‌ ඇතුළත ඡන්ද විමසීම සිදු කළ යුතුය. පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවන දිනය, නාම යෝජනා කාල සීමාව සහ ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ඉදිරි දිනවල තීරණය කරනු ඇති බව එහි ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

සභික සංඛ්‍යාව ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම පළාත් පාලන ආයතනවල ධුර කාලය 2018 වසරේ පෙබරවාරි මස 15 වෙනි දින සිට ආරම්භ විය යුතුය.

(බීබීසී )

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට.
පළාත් පාලන මැතිවරණය ජනවාරියේ - සභිකයන් 8356ක් දක්වා ඉහළට.
http://ift.tt/2i8MzOc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/8356.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/8356.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy