දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“සාම සාධක මෙහෙයුම් සඳහා යවන භට පිරිස ඉදිරි වර්ෂයේදී 07 දක්වා අඩු විය හැකියි” - ජානිපෙ
Homeප්‍රවෘත්ති

“සාම සාධක මෙහෙයුම් සඳහා යවන භට පිරිස ඉදිරි වර්ෂයේදී 07 දක්වා අඩු විය හැකියි” - ජානිපෙ

PropellerAds

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු මෙරටින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යවන භට පිරිස 1200 සිට 400 දක්වා අඩු කළ බවත් ඉදිරි වර්ෂ...

යහපාලන සමයේ කෝටි 3720ක ගම්මිරිස් මෙරටට ආනයනය කරලා.. කලවම් කර රට පටවලා.. පාස්කු ප‍්‍රහාරයටත් එම මුදල් යොදවලා - මොහොමඩ් මුසම්මිල්
අනිල් ජාසිංහ තණකොළ කපන්න..අමල් හර්ෂ පුන්නක්කු දියකරන්න දාල..රටට කවදාවත් මෙහෙම වෙලා නෑ..රට ඉවරයි - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - (video)
වේල්ල වීදියේ කාන්තා මළ සිරුර – තරුණියගේ දේහය දින 9කට පසු නිවසට - (PHOTOS)
“සාම සාධක මෙහෙයුම් සඳහා යවන භට පිරිස ඉදිරි වර්ෂයේදී 07 දක්වා අඩු විය හැකියි” - ජානිපෙ

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු මෙරටින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යවන භට පිරිස 1200 සිට 400 දක්වා අඩු කළ බවත් ඉදිරි වර්ෂයේදී එය 400 සිට 07 දක්වා අඩු විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

‘යම් රටක් සාම සාධක මෙහෙයුම් සඳහා යවන සෑම භටයකුම මානව හිමිකම් පිළිබඳ නිෂ්කාශන වාර්තාවක් සමඟ සාම සාධක මෙහෙයුම් කාර්යාලය වෙත යොමු කළ යුතු බවට’ වන ලොව බොහෝ රාජ්‍යයන් ප්‍රතික්ෂේප කළ නිර්දේශය ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම මෙවැනි තත්වයකට මුල් වී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ යුතු ඉහත කී නිෂ්කාශන වාර්තා මෙවර සාම සාධක මෙහෙයුම් සඳහා තෝරාගත් 400ක භට පිරිසගෙන් 07කට පමණක් නිකුත් කිරීම නිසා විදේශගත වන භට පිරිස 07කට සීමා විය හැකි බවත් එම පක්‍ෂය වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද (25) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක දී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
“අප මේ මාධ්‍ය හමුව කැඳවූයේ ශ්‍රී ලංකා යුද හමුදාව දඩයම් කරන මේ යහපාලන ආණ්ඩුවේ තවත් ක්‍රමවේදයක් පිළිබඳව රට හමුවේ තැබීමටයි. දකුණු අප්‍රිකාව කේන්ද්‍රකරගත් සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් අටවාගත්, කොටි ඩයස්පෝරාවෙන් වැටුප් ලබන, ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට මහ ලේකම් ධුරය දැරූ බැන් කී මූන්ට අසත්‍ය වාර්තාවක් සැපයීමට මුල්‘ වූ යස්මින් සුකා නැමැත්තිය හා කොටි ත්‍රස්තවාදීන් ප්‍රකාශයට පත් කළ ‘දේදුන්න’ පුවත්පතේ සංස්කාරක ලෙස කටයුතු කළ රෝහිත භාෂණ අබේවර්ධන යන තැනැත්තා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ප්‍රධානියාට කළ පැමිණිලි අනුව මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටි ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කළණ අමුණුපුර රණවිරුවා යළි ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. කොටි හිතවාදීන් කළ පැමිණිලි අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ප්‍රධානියා කළ ‘කළණ අමුණුපුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න’ කියන ඉල්ලීම මෙරට සේනාධිනායකයා, ආරක්‍ෂක අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රි්පාල සිරිසේන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ඇතුළු මේ යහපාලන ආණ්ඩුව කිසිදු වගවිභාගයකින් තොරව පිළිගෙන තිබෙනවා. මේක මෙතැනින් නතර වෙන්නේ නැහැ.

අපේ රටේ ආරක්‍ෂක හමුදාවන් 2004 සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ඇරයුම් ලැබුවා. ත්‍රස්තවාදීන්ගෙන් සිවිල් ජනතාව මුදාගැනීමේ මානුෂික මෙහෙයුමක යෙදී සිටි අපේ හමුදාවන් එහිදී දැක් වූ සමත්කම් මතයි මෙලෙස ඇරයුම් ලැබුවේ. කෙසේ නමුත් මෙවැනි අවස්ථාවක් අපේ හමුදාවන්ට ලැබීමෙන් එහි වෘත්තීය තත්වයන් ඉහළ ගියා. අපේ හමුදාවන්ට විදේශ පුහුණුව, පළපුරුද්ද එහිදී ලැබුණා. බිහිසුණු යුද්ධයක් පැවති 2004 - 2009 කාලසීමාව තුළත් සාම සාධක මෙහෙයුම් සඳහා මෙරටින් වසරකට 1200ක භට පිරිසක් යවනු ලැබුවා. නමුත් 2015 බලයට ආ යහපාලන ආණ්ඩුව එය 400ට අඩු කරනු ලැබුවා. අපේ හමුදාවන්ට වෘත්තීය නිපුණතාව, රටට විදේශ විනිමය ලැබෙන මෙම අවස්ථාව යහපාලන ආණ්ඩුව විසින් 400 දක්වා අඩුකර ගත්තේ ස්වකැමැත්තෙන්. දේශසීමා ගැටුම් පවතින ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ඉතියෝපියාව පවා සිය දේශසීමා රකින ගමන් වසරකට 6000 - 8000ත් අතර භට පිරිසක් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යොමු කරනවා. නමුත් යුද්ධය අවසන් වූවාට පසු, ජාතික ආරක්‍ෂාව සඳහා අවශ්‍ය භට පිරිස් තබාගෙන අපට එවැනි භට පිරිසක් යැවීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඒ මේ යහපාලන ආණ්ඩුව තමන්ගේ බටහිර හාම්පුතුන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාව අනුව අපේ හමුදාවන් දඩයම් කරන නිසයි. මේක අලුත් ආකාරයක රණවිරු දඩයමක්. මේ යහපාලන ආණ්ඩුව යටතේ ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් යැවිය හැක්කේ 07ක් පමණයි.

‘56ක ලැයිස්තුව’

ඒක වෙන්නේ කොහොමද? අප ඉහත කියූ කොටි හිතවාදිනිය සූකා හා කොටි හිතවතා රෝහිත භාෂණ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප්‍රධානී ජීන් පියරේ ලාකොවිස්ට කළ පැමිණිලිවල තිබෙනවා, ‘ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදුකර තිබෙනවා. ඒ සඳහා නායකත්වය දුන් ඉහළ නිලධාරීන් 56 දෙනෙකු කිසිසේත්ම සාම සාධක හමුදාවන්ට බඳවා නොගත යුතුයි’ කියලා. ජගත් ජයසූරිය, ජගත් ඩයස්,ෂවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න ඇතුළු අපේ අණදෙන නිලධාරීන් 56ක නම් සූකා ලැයිස්තුගත කර ලබා දී තිබෙනවා. බි්‍රගේඩියර් වසන්ත කුමාර හේවගේ හා ලුතිනන් කර්නල් කළණ අමුණුපුර යන නම් දෙකත් මේ අතර වූවා. මේ පැමිණිලි අනුව මුලින්ම බි්‍රගේඩියර් වසන්ත කුමාර හේවගේ ගොදුරු වූවා. දැන් කළණ අමුණුපුර ගොදුරු වී තිබෙනවා. කෙසේ නමුත් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වැනි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට භට පිරිස් ලබා දෙන රටවල් කිසිසේත්ම පිළි නොගත් එහි ප්‍රධානී නිකුත් කළ එක්තරා නිර්දේශයක් ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම නිසා ලබන වසරේ අපට මෙරටින් සාම සාධක හමුදාවන්ට 07කට වැඩි පිරිසක් යවන්න බැරි වේවි. ඒ තමයි, ‘සාම සාධක හමුදාවන් සඳහා එවනු ලබන සෑම භටයකුම සිය රටෙහි මානව හිමිකම් බලධාරීන්ගේ නිෂ්කාශන වාර්තාවක් ද සමඟ එවිය යුතුයි’ යන්න. ශ්‍රී ලංකා රජය මේ නිර්දේශය පිළිගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙවර යවන සෑම භටයකුටම අදාළ නිෂ්කාශන වාර්තාවක් ලබා දිය යුතුයි. නමුත් යස්මින් සූකාගේ ගජ මිතුරියක වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩුගම මේ වන විට නිකුත්කර ඇත්තේ නිෂ්කාශන වාර්තා 07ක් පමණයි. දැන් ඒ මානව හිමිකම් පිළිබඳ නිෂ්කාශන වාර්තා මෙතෙක් නොලැබුණු කිසිවකුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් සමඟ එක් වීමට බැරි වෙනවා. ඒ නිසා මේ අලුත් දඩයමින් අපේ රණවිරුවන්ට වෘත්තීය නිපුණතාව, විදේශ පුහුණුව ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වෙනවා. එසේම අපේ හමුදාවන් යුද අපරාධ සිදු කළ බවට වන අසත්‍ය චෝදනාවලට යළි පණ ලැබෙනවා. මේක යහපාලන ආණ්ඩුවේ තවත් එක් පාවාදීමක්. මේ සියල්ලටම ජනාධිපතිවරයා, අගමැතිවරයා, විදේශ ඇමතිවරයා ඇතුළු යහපාලන ආණ්ඩුව වගකිව යුතුයි.” යැයිද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “සාම සාධක මෙහෙයුම් සඳහා යවන භට පිරිස ඉදිරි වර්ෂයේදී 07 දක්වා අඩු විය හැකියි” - ජානිපෙ
“සාම සාධක මෙහෙයුම් සඳහා යවන භට පිරිස ඉදිරි වර්ෂයේදී 07 දක්වා අඩු විය හැකියි” - ජානිපෙ
http://am.lk/media/k2/items/cache/041a7cba1131f3fc7e26d4f9ba1ad252_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/07.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/07.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy