දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5 ක්
Homeප්‍රවෘත්ති

දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5 ක්

PropellerAds

1. උදේ නැගිට්ටාම ඇක්ටිව් මයින්ඩ්ස් එකක් හදාගන්න   උදේ නැගිටින එක තරම් එපා කරපු දෙයක් නැති බව හැබෑව. ඒත් ඉතින් නැගිටින්නේ 9ට වුණත් කමක් ...

සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් අට දෙනාම චන්මිල් ඉන්වෙස්ට්මන්ට් සීසර්ලා - ලීසිං සමාගමත් ලියාපදිංචි නොවන සමාගමක් බව හෙළිවෙයි
ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර - ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්
උද්ඝෝෂන පැවැත්වීමට අප විරෝධය පල කර නෑ - අනිල් ජාසිංහ
දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5 ක්
1. උදේ නැගිට්ටාම ඇක්ටිව් මයින්ඩ්ස් එකක් හදාගන්න
 
උදේ නැගිටින එක තරම් එපා කරපු දෙයක් නැති බව හැබෑව. ඒත් ඉතින් නැගිටින්නේ 9ට වුණත් කමක් නෑ හොඳ හුස්මක් අරගෙන වතුර වීදුරුවක් හෝ තේ එක බීලා දවසේ කරන්න තිබෙන දේවල් ගැන සැලසුමක් හිතෙන්ම හදාගන්න හෝ කොළයක ලියලා ප්ලෑන්ස් එක ගහගන්න. ඊට පස්සේ අද මම මේ ටික කොහොමහරි ඉවර කරනවා කියලා අධිෂ්ඨාන කරගන්න.
 
2. පුංචි දේවල් ගැන වුණත් වගකීමෙන් හිතන්න
 
ඔයා හදපු ලයිස්තුවේ සමහරවිට කඩේට ගිහින් අම්මාට බඩුටික ගෙනත් දෙන එක වගේ සුළු සුළු දේවල් තියෙන්න පුළුවන්. ඒත් අපි ජීවිතේ ලොකු ලොකු දේවල් කරට ගන්න කලින් මේ පොඩි දේවල් වලට අවධානය යොමු කරලා වගකීමෙන් ඉෂ්ඨ කරොත් තමයි අපිට අනාගතයට හයිය ලැබෙන්නේ. ඒ හින්දා මේක වැඩක් නෑ, ඕවා මොනවාද කියලා පොර ටෝක් දෙන්න ගිහින් වැඩේ අනාගන්නේ නැතුව කරන දේ හරියට කල්පනාවෙන් කරන්න මතක තියාගන්න.
 
3. නරක වෙලාවල් වලදී විහිළුවෙන් ගත කරන්න
 
අපි කරන හැම වැඩේම ඉතින් සාර්ථක වෙනවා කියලා කියන්න බැහැනේ. ඒ කිව්වේ කුස්සියට ගිහින් බත් ටික බෙදාගන්න එක සාර්ථක වැඩක් වුණත් කැමති කෙල්ලගෙන් කැමැත්ත ඇහුවාම ඒක හරි නොයන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙහෙම අසාර්ථක වෙන්නේ අපි කරන දේවල් වලටත් වඩා තෙවන පාර්ශවයක් සම්බන්ධ වෙලා කරන වැඩයි. හරියට කැම්පස් එකේ කණ්ඩායම් ව්‍යාපෘතිවල අපි අපේ ටික හරියට කළත් යාළුවෝ කරන වැඩ නිසා වැඩේ අවුල් යන දේවල් වගේයි.
 
මෙහෙම වෙලාවල් වලදී ඒක ගැන පසු තැවෙමින් ඉන්නේ නැතිව ඕවා ඔහොම තමයි, ඊළඟ සැරේ හරියටම කරනවා කියලා හිතාගෙන වැරදුණු තැන් හඳුනා ගනිමින් ඒකේ තියෙන අඩුපාඩු අපෙන් දුරු කරගන්නත්, වෙච්ච මෝඩ වැඩේට හිනා වෙලා ඒකට තමන්ටම සමාව දෙන්නත් පුළුවන්. මොකද, දුක හිත හිත හිටියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වෙලාවට යූටියුබ්ස් වීඩියෝස් එකක්, කොමඩි ටීවී සීරීස් එකක් එහෙම බලලා ආතල් එකේ ඉඳලා පස්සේ වෙලාවක අලුත් විධියට ප්‍රශ්නය දිහා බලන්න.
 
4. වර්තමානය ගැන අවධානය යොමු කරන්න
 
දවස ගත කරද්දී එයින් බාගෙට බාගයක් කරන්නේ අනාගතය ගැන හීන මවන එක හරි, අතීතයේ වෙච්ච දේවල් වලට පසුතැවෙන එක හරි නම් ඒක කාලය කා දැමීමක් විතරයි. මොකද, අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය තවම ඇවිල්ලා නැහැ. ඒත් මේ මොහොතේ අපිට ඕනෑම දෙයක් කරලා අනාගතය වෙනස් කරන්නට පුළුවන් වර්තමානය ලැබිලා තිබෙනවා. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බලන්න. එතකොට ඔබේ හීනය වෙච්ච වීර චරිතය බවට පත් වෙන්න කාල යන්ත්‍රයක්වත් ආශ්චර්යයක්වත් ඕන වෙන්නේ නැහැ. මේ මොහොත හරියට ගත කළොත් වැඩේ ගොඩ.
 
5. ධනාත්මක විධියට හිතන යාළුවෝ ආශ්‍රය කරන්න
 
අපි ආශ්‍රය කරන අය “අනේ බං ඕක නම් හරියන්නේ නෑ” “පිස්සුද, මං ඕක කරා වැඩක් වුණේ නෑ” ආදී වශයෙන් ජීවිතේ හැම දෙයක් ගැනම නෙගටිව් විධියට කථා කරන යාළුවෝ හෝ ඥාතිවන අය නම් ඔයා එයාලාගේ ආශ්‍රයෙන් ඈත් වෙන තරමට හොඳයි. මොකද, ඕනම දෙයක් කරද්දී අපිට “මේක මට කරන්න අනිවාර්යයෙන් ම පුළුවන්” කියලා ජවය ලබා ගන්නට මේ වගේ දුර්වල සිතුවිලි කණේ රැඳෙනවා නම් ඒ තරම් බාධාවක් තවත් නැහැ.
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5 ක්
දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5 ක්
http://ift.tt/2jfW6X5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/5_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/5_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy