ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනට මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනාම මිරිහා...
පසුගිය 10 වනදා කොට්ටාව පාරේ,චන්මිල් ඉන්වෙස්ට්මන්ට් නමැති ලීසිං ආයතනයේදී සුනිල් ජයවර්ධන මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර තිබූ අතර අදාල ලීසිං ආයතනය මහ බැංකුවේ ලියාපදිංචිය ලබා නැති සමාගමක් බවද හෙළි වී ඇතැයි අද පුවත්පත් වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනකු මිරිහාන පොලිසිය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මෙලෙස බන්ධනාගාර කර ඇත්තේ අංගොඩ, මහරගම, හෝමාගම, බොරලැස්ගමුවේ පදිංචි සීසර්වරුන් අට දෙනෙකි.
මංජුල කිත්සිරි නමැති පුද්ගලයාට අයත් ත්‍රිරෝද රථයක් කල්බදු වාරික ගෙවා නොමැති බව පවසමින් අදාල මූල්‍ය ආයතනය විසින් එම ත්‍රීරෝද රථය රැගෙන යාමෙන් පසු ත්‍රිරෝද රථ හිමියාට සහය වීම සඳහා අදාල ලීසිං ආයතනයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබෙනවා.

COMMENTS