දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර - ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්
Homeප්‍රවෘත්ති

ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර - ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්

PropellerAds

මා ස 03 කට ආසන්න කාලයක් තහනම් කර තිබූ ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද (12) සිට ආරම්භ කෙරෙනවා. කොරෝනා වසංගතයත...

කිරිඇල්ල, අමාත්‍යධූරයෙන් ඉවත් කරන්නැයි අමරවීර, ජනපති සහ අගමැතිගෙන් ඉල්ලයි
සොයා ගත් අවි ආයුධ මෙන් තුන් ගුනයක් හිස්බුල්ලා ලඟ - හිස්බුල්ලාගේ රහස් වීඩියෝවක් ගැන හින්දු සම්මේලනය අනාවරණය කරයි
බෝම්බකරුවන් රැඳී සිටි නිවස ගැන හෙළි කළ පොලිස් ප‍්‍රධානියෙකුට ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර ස්ථාන මාරුවක්
මාස 03 කට ආසන්න කාලයක් තහනම් කර තිබූ ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදුකිරීම, සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද (12) සිට ආරම්භ කෙරෙනවා. කොරෝනා වසංගතයත් සමග ආගමික ස්ථාන සඳහා පුද්ගල ඒකරාශීවීම් තාවකාලිකව තහනම් කිරීමට රජය ඉකුත් දා පියවර ගත්තා.

රට තුළ කොරෝනා වසංගත තත්ත්වය ක‍්‍රමයෙන් පාලනයවීමත් සමග ආගමික ස්ථාන සහ උපකාරක පන්ති සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආරම්භ කිරීමට තීරණය කළ බවයි රජය ඉකුත් දා නිවේදනය කළේ.

ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් සීමාකරමින් ආගමික ස්ථානවල ආගමික කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. එලෙස ආගමික ස්ථානවල ආගමික කටයුතු අද සිට ආරම්භ කෙරුණ ද, සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල දුරස්ථභාවය රැකගැනීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ.

ආගමික ස්ථාන යළි විවෘත කිරීමට රජය තීරණය කිරීමත් සමග බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් සැලසීමට ද බොහෝ විහාරස්ථාන කටයුතු යොදා තිබෙනවා.

අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ශරීර උෂ්ණත්වය මැනීමට සහ පිවිසුම් දොරටු අසල අත් සේදීම සඳහා ද පහසුකම් සලසා ඇති බවයි බෝමළුව විහාරවාසී පූජ්‍ය කුඩාඇළගමුවේ ඥාණසිරි හිමියන් නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර කතෝලික දේවස්ථානවල දේවමෙහෙයන් සිදුකෙරෙන ආකාරයන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්.

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉස්ලාම් දේවස්ථානවල පස්වේලේ ඉමාම් ජමාත්, ජුම්මා සලාතය, නිකා මජරිස් ඇතුළු සිකුරාදා පැවැත්වෙන සාමූහික දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම් බවයි.

ශී‍්‍ර ලංකා වකුෆ් සභාවේ නියමයන්ට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පනවා ඇති සෞඛ්‍ය සීමා සෞඛ්‍ය අංශ විසින් ලිහිල් කිරීමෙන් පසු
ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වකූෆ් සභාව විසින් මාර්ගෝපදේශයක් නිකුත් කරන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සියලූම ඉස්ලාම් දේවස්ථාන ආගමික කටයුතු සඳහා විවෘත කිරීමට පෙර එහි භාරකරුවන් අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් ලිඛිත අවසරයක් ලබාගැනීම ද අනිවාර්යය කර තිබෙනවා.

මේ අතර හින්දු කෝවිල්වල ආගමික කටයුතු ද සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් අනුව අද සිට සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආරම්භ කෙරෙන බවයි ජාතික හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍රන් කුරුක්කල් බාබුශර්මා පැවසුවේ.

නෙත් නිවුස්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර - ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්
ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර - ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiF-oJFrDSV7LCI7h3AHboXkDat48Rc_zkTtL1GD5i6dEVD0S_h8YJ4WhWeKCR4Lw_akOz8d3HL28GOrwZ2ghaE2HyFnl8C0JtQPMObFRFWshoQgZBhgtYlA9WduX5C8zmgvS-Yyf2sWNw/s320/457b9b99f6dec73628b3baaeeb19e14c02b8e479.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiF-oJFrDSV7LCI7h3AHboXkDat48Rc_zkTtL1GD5i6dEVD0S_h8YJ4WhWeKCR4Lw_akOz8d3HL28GOrwZ2ghaE2HyFnl8C0JtQPMObFRFWshoQgZBhgtYlA9WduX5C8zmgvS-Yyf2sWNw/s72-c/457b9b99f6dec73628b3baaeeb19e14c02b8e479.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_965.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_965.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy