පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතන 16ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබේ. කළුතර, ගම්පහ, ගාල්ල යන ද...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතන 16ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබේ.
කළුතර, ගම්පහ, ගාල්ල යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා මෙම ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාරගැනීම ඊයේ(27) පෙරවරු 8.30ට ආරම්භ වු අතර එය ලබන දෙසැම්බර් 13 වන දින දහවල් 12.00ට අවසන් වීමට නියමිත අතර නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 11 වන දින සිට 14 වන දින දහවල් 12.00 දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 93ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති අතර එම ඡන්දය පැවැත්වෙන දිනය නාමයෝජනා බාරගැනීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
COMMENTS