දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිහාල් ෆොන්සේකාගෙන් විශේෂ බැඳුම්කර හෙළිදරව්වක්.
Homeප්‍රවෘත්ති

නිහාල් ෆොන්සේකාගෙන් විශේෂ බැඳුම්කර හෙළිදරව්වක්.

PropellerAds

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් සිය සමූහයේම තවත් සමාගම් දෙකක් වන පර්පච්‍රෙවල් කැපිටල් හෝල්ඩිංග්ස් හා ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණ...

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම : සැකකරුවන් 7 ක් අත්අඩංගුවේ
"නිසි කාලයට පෙර එජාපයට මැතිවරණයකට යන්න ඕනේ නෑ"
"ජනපති නිසා මහින්දට විපක්ෂනායක ධූරය දරන්න බෑ" - මරික්කාර්ගෙන් චෝදනාවක්
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් සිය සමූහයේම තවත් සමාගම් දෙකක් වන පර්පච්‍රෙවල් කැපිටල් හෝල්ඩිංග්ස් හා ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම්වලට මුදල් බැර කොට එදිනම එම මුදල් නෝට්ටු වශයෙන් ලබා ගෙන ඇති බව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (16) හෙළිදරව් විය.

මෙහිදී 2015-2016 කාලය තුළ පෞද්ගලික බැංකු දෙකකින් රුපියල් මිලියන 15 හා මිලියන 45 බැගින් සහ ලංකා බැංකුවේ ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් රුපියල් මිලියන 79 ක් ලෙසින් නෝට්ටුවලින් මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය විය.

මේ අතර ඊයේ (16) දිනයේ දී කොමිසම හමුව කරුණු දැක්වීමට පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා කියා සිටියේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ බැංකු ප්‍රකාශන අනුව පෙනී යන්නේ සමාගම මෙම ක්‍රමවේදය අනුගමනය කර ඇත්තේ මුදල් යොමුවූ අවසාන ස්ථානය වසන් කිරීමට බවයි. ඒ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින්, එකම සමූහයේ සමාගමක් සමග මුදල් ගනුදෙනු සිදුකිරීමේ නියමිත ක්‍රමවේදය පර්පච්‍රෙවල් ට්‍රෙෂරීස් සමාගම මෙහිදී අනුගමනය කර තිබෙනවා ද යන්න නිහාල් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ දීය.

මේ අතර 2016 මාර්තු 26 දින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් බැඳුම්කර වෙන්දේසිය සඳහා අඩු අනුපාතවලට ලංසු තබන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබා දීම හේතුවෙන් 2016 මාර්තු 29 වන දා වෙන්දේසියෙන් ලැබුණ බර තැබූ අනුපාතයන් පහළ යාමට බලපා ඇති බව ද නිහාල් ෆොන්සේකා මහතා මෙහිදී කියා සිටියේය. එසේම මෙහිදී සේවක අර්ථසාධක අරමුදල ලංසු තැබූ අනුපාතය ඉක්මවා යමින් ලංසු භාර ගැනීම නිසා රජයට රුපියල් මිලියන 550 ක පමණ ආවස්ථික අලාභයක් සිදුවී ඇති බව කිව හැකි යැයි පැවසීය.

තවද අදාළ නිකුතුවල දී වෙන්දේසි පමණක් වන ක්‍රමවේදය තුළින් වෙළෙඳපොළ පොළී අනුපාත පාලනය කිරීමට රජයට හැකියාවක් නොතිබූ බවත්, ඇතැම් අවස්ථාවල දී රජයේ මුළු මුදල් අවශ්‍යතාවය වෙන්දේසි ක්‍රමවේදය තුළින් පමණක් සපුරා ගැනීම ඇතැම් විට වෙළෙඳපොළ පොළී අනුපාතවලට අහිතකර අකාරයේ බලපෑම් ඇති කළ නිසා ගත වූ කාලය තුළ මහබැංකුවේ ගිණුමෙන්ම රුපියල් බිලියන 330 ක පමණ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට සිදු වූ බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

නිහාල් ෆොන්සේකා මහතා වර්තමාන මූල්‍ය මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිහාල් ෆොන්සේකාගෙන් විශේෂ බැඳුම්කර හෙළිදරව්වක්.
නිහාල් ෆොන්සේකාගෙන් විශේෂ බැඳුම්කර හෙළිදරව්වක්.
http://ift.tt/2zeOSFB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_997.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_997.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy