මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ස්ථාපනය කොට තිබූ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් හත් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙ...
මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ස්ථාපනය කොට තිබූ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් හත් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරින් හය දෙනෙකු ඊයේ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ලබන ජනවාරි 02 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බව පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියා.
පොලිසිය වැඩිදුරත් පැවසුවේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
COMMENTS