දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එංගලන්තයෙන් ‘තාර පාර’ වෙනුවට ප්ලාස්ටික් බෝතල් මහා මාර්ග
Homeප්‍රවෘත්ති

එංගලන්තයෙන් ‘තාර පාර’ වෙනුවට ප්ලාස්ටික් බෝතල් මහා මාර්ග

PropellerAds

සාමාන්‍යයෙන් මාස ගණනක් වැය කර ඉදිකරන මහා මාර්ගයක් සති කිහිපයකින් ඉදිකර අවසන් කිරීමට මෙම නව ක්‍රමය නිසා හැකි වේ. තවද මෙම ක්‍රමයෙන් ඉදිකරන ...

පුජිත් වෙනුවට වැඩබලන පොලිස්පතිවරයෙක්
"රටට අවශ්‍ය දේශපාලන වෙනස කරන්න පුළුවන් ජවිපෙට විතරයි" - අනුර
වතු ජනතාවගේ ආර්ථිකය නංවාලීමට කටයුතු කරන බවට අගමැතිගෙන් පොරොන්දුවක්
එංගලන්තයෙන් ‘තාර පාර’ වෙනුවට ප්ලාස්ටික් බෝතල් මහා මාර්ග

සාමාන්‍යයෙන් මාස ගණනක් වැය කර ඉදිකරන මහා මාර්ගයක් සති කිහිපයකින් ඉදිකර අවසන් කිරීමට මෙම නව ක්‍රමය නිසා හැකි වේ. තවද මෙම ක්‍රමයෙන් ඉදිකරන මහා මාර්ගවල ආයු කාලය, සාමාන්‍ය ගල් තාර යොදා ඉදිකරන මහා මාර්ගයක ආයු කාලය මෙන් තුන් ගුණයකින් වැඩි ය. නඩත්තු කිරීමේ පහසුව සහ අධික උෂ්ණත්වයන්ට  ඔරොත්තු දීමේ ගුණය ද මෙහි ඇති තවත් ධනාත්මක ලක්ෂණ වේ.

තවද ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් බෝතල්වලින් ඉදිකෙරෙන මෙම මහාමාර්ග සැහැල්ලු බවින් යුතු අතර, හිස් ප්ලාස්ටික් බෝතල් මෙන්ම ඇතුළත කුහරයකින් ද සමන්විත වීම කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම හිස් අවකාශය හෙවත් කුටීරය ඔස්සේ පහසුවෙන් ජල නළ ආදී උපයෝගී සැපයුම් ගෙන යා හැකිය.

මෙය යුරෝපය පුරා කෙමෙන් ජනප්‍රිය වෙමින් යන තිරසාර සංවර්ධන සංකල්පයකි. නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ මේ වන විටත් ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් වලින් ඉදිවූ මහා මාර්ග දක්නට ඇත. 

ඇස්ෆෝල්ට් (බිටුමින) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගල්තාර, වසරකට ගෝලීය වශයෙන්  කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 1.6 ක් විමෝචනය සඳහා වග කියයි. එහි නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙන්ම රථ වාහන ධාවනයේදී ද කාබන්ඩයෙක්සයිඩ් විමෝචනය වේ. කාබන්ඩයොක්සයිඩ් වායුව, මිහිතලය උණුසුම් කරන හරිතාගාර ආචරණයට වැඩියෙන්ම වග කියන සංරචකයයි. 

මේ වන විට අප්‍රිකානු මහද්වීපයට අයත් ඝානාවේ ද ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පර්යේෂණ යටතේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල්වලින් මහා මාර්ග ඉදිකිරීම වෙත අවධානය යොමු ව තිබේ. 

දින දෙකක් වර්ෂාව ඇද හැළීම නිසා නාය ගිය, ජීවිත දෙසීයක් බිලිගත් මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් අද දක්වා ද පිළිගත් විසඳුමක් ලංකාවේ බලධාරීන් විසින් ඉදිරිපත් කර නැත. කුණු කඳු වෙනත් ස්ථාවලට ගෙන යාම වැනි පැලැස්තර විසඳුම් වෙනුවට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ලංකාවේ තවමත් ක්‍රියාත්මක නොවේ. විශේෂයෙන්ම ප්ලාස්ටික් ජල බෝතල් ලංකාවේ වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති පාරිභෝගික භාණ්ඩයක් වන අතර, හිස් ප්ලාස්ටික් බෝතල් දිනකට දහස් ගණනින් ඉවත දැමේ. මේ අනුව එංගලන්තය වැනි දියුණු රටවල් පමණක් නොව නොදියුණු යැයි කියන ඝානාව වැනි රටවලින් ද ලංකාවට මේ සම්බන්ධයෙන් ඉගෙන ගත යුතු පාඩම් රාශියක් තිබෙන බව පැහැදිලි ය.

බලධාරීන්ගේ අවධානය පිණිසයි! 

- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එංගලන්තයෙන් ‘තාර පාර’ වෙනුවට ප්ලාස්ටික් බෝතල් මහා මාර්ග
එංගලන්තයෙන් ‘තාර පාර’ වෙනුවට ප්ලාස්ටික් බෝතල් මහා මාර්ග
http://ift.tt/2idVHQH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_979.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_979.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy