දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රටට අවශ්‍ය දේශපාලන වෙනස කරන්න පුළුවන් ජවිපෙට විතරයි" - අනුර
Homeප්‍රවෘත්ති

"රටට අවශ්‍ය දේශපාලන වෙනස කරන්න පුළුවන් ජවිපෙට විතරයි" - අනුර

PropellerAds

කුඩු කාරයින් , කුඩු මුදලාලිලා , අපරාධකරුවන් , සහ සොරුන් සිටින එකම ස්ථානය පාර්ලිමේන්තුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ම...

බල්ලන් බිරුවට තවලම නවතින්නේ නෑ… ඩඩ්ලි සිරිසේන ෆේස් බුක් සටහනක් තබයි!
මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…?අජිත් නිවාඩ් පත්වෙයි ?
පාස්කු ප‍්‍රහාරය වත්මන් ජනපතිගේ වැඩක් යයි කියන්න කුමන්ත‍්‍රණයක් - ආරක්‍ෂක ලේකම්

කුඩු කාරයින් , කුඩු මුදලාලිලා , අපරාධකරුවන් , සහ සොරුන් සිටින එකම ස්ථානය පාර්ලිමේන්තුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය .

‘‘රට ගොඩනගන අභියෝගයට අපි සුදානමි’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩල රැස්විමට සහභාගි වෙමිනි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

‘‘සමහරු හිතයි මාධ්‍යයට මේ ක‍්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා , ඒක එහෙම නැහැ . අපිට ඒ අය අතර තියෙන්නේ දේශපාලන සාකච්ජාවක් , ඒ සාකච්ජා මාධ්‍ය ආයතන හරහා ගෙන යන්න හැකියාවක් නැහැ . මොකද අද මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙන්නේ . පොඩි ගැටුම්කාරි තතත්වයන් තමයි මාධ්‍යට අවශ්‍යය කරන්නේ . පසුගිය දවස්වල තිබුනා පෝරිසාදය සහ කලවැද්දා අතර සටනක් , ජනතාව බලන් ඉන්නවා අද පෝරිසාදය මොකක් කියයිද? , ඒකට කල වැද්දා මොන වගේ උත්තර දෙයිද කියලා . ඊට කලින් තිබුනා ජනාධිපති , හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරිමේ කුමන්ත‍්‍රණයක් ගැන හාදයෙක් වාඩිවෙලා කැසට් එළි දක්වනවා  කියනවා . ඒවා දිහා බැලූවම අපේ ගම්වල හාවෙක් දඩයම් කරන්න ඔයිට වැඩිය සැලසුම් කරනවා , හැබැයි අරවා ප‍්‍රවෘත්ති වෙනවා . ඒ නිසා අපේ යන්න ඕන මාතෘකාව මොකක් යටතේද කියලා තිරණය කරන්නේ මාධ්‍ය ආයතන , ඇයි ඒ  මාධ්‍ය ආයතන වලටත් දේශපාලනයක් තියෙනවා . සමහර දේශපාලන පක්ෂ විසින් මාධ්‍ය ආයතන ගිලගෙන තියෙනවා . සමහර මාධ්‍ය ආයතන විසින් දේශපාලන පක්ෂ ගිලගෙන තියෙනවා . ඒ නිසා අපි දැනගන්න ඕන මාධ්‍ය ආයතන හරහා අපේ පණිවිඩය ගමට ගෙන යන්න ලැබෙන්නේ ඉතාම කුඩා බිදක් විතරයි’’

"දැන් බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් අපි කුඩු කාරයා කියන්නේ කුඩබොන කෙනාට , කුඩු මුදලාලි කියන්නේ කුඩු විකුණන කෙනාට ,  අපි පාතාලයා කියන්නේ අපරාධ කරන කෙනාට , හොරා කියන්නෙ හොරකම් කරන කෙනාට , එතකොට කුඩුකාරයා , කුඩු මුදලාලි . හොරා , පාතාලයා මේ හතර දෙනාම එක තැන ඉන්නවා පාර්ලිමේන්තුවේ .මේ දේශපාලනය ගමන් කරන්නේ එතනට . ආණ්ඩුවෙම ඇමතිවරයෙක් කියනවා කැබිනටි මණ්ඩලයේ කොකෙන් ගහන අය ඉන්නවලූ , එතකොට සමහර කැබිනටි පති‍්‍රකා සම්මත වෙන්නේ කොකෙන් ගහලද කියලා අපි දන්නෙ නැහැ ., ඉතින් මේ වගේ අයට රට පාලනය කරන්න දෙන්න ඕනද? . අපේ රටට දැන් අවශ්‍ය දේශපාලන වෙනසක් , එය ඇති කල හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි ’’ යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රටට අවශ්‍ය දේශපාලන වෙනස කරන්න පුළුවන් ජවිපෙට විතරයි" - අනුර
"රටට අවශ්‍ය දේශපාලන වෙනස කරන්න පුළුවන් ජවිපෙට විතරයි" - අනුර
http://am.lk/media/k2/items/cache/e340f3e337cc6a6fee9ab4bbed180e51_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_978.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_978.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy