නව ව්‍යවස්ථාව 2/3න් සම්මත කර ගතහොත් එම පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විම...
නව ව්‍යවස්ථාව 2/3න් සම්මත කර ගතහොත් එම පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝම්බ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධව ලබන 30 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ විගසම සභාවේ අවධානය යොමුකර සුදුසු පියවර ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
"මට පුදුමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්‌ම මේ වගේ ප්‍රකාශයක් කිරීම ගැන විමල් වීරවංශ මහතා පසුගියදා කර ඇති මේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජන නියෝජිතයන්ගේත් ජීවිත ආරක්‍ෂාව පිළිබඳ බරපතළ තර්ජනයක් එල්ල කර තිබෙනවා.
මේ ගැන බොහෝ පිරිසක් බියට පත්වෙලා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මට කතා කරලා මේ ගැන විමසනවා. ගරුතර ස්‌වාමීන්වහන්සේලා පවා මගෙන් විමසීම් කරනවා. මේ ප්‍රකාශය පිළිබඳ දැඩිව සැලකිලිමත් වෙන්ට කියලා ආණ්‌ඩුවේ වගේම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්, තවත් විවිධ පාර්ශ්වයන් දිගින් දිගටම මගෙන් ඉල්ලීම් කරනවා.
මේ ගැන මගේ විශේෂ අවධානය යොමු කරනවා. පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්‌ථානය. එවන් උත්තරීතර ආයතනයක් පිළිබඳව විමල් වීරවංශ මන්ත්‍රීවරයා කර තිබෙන මේ තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින්වත් සුළුවෙන් තකන්න එපා කියා හැම පාර්ශ්වයක්‌ම ඉල්ලා සිටිනවා.
ඒ නිසා යළි පාර්ලිමේන්තුව රැස් වූ වහාම මේ ගැන සභාවේ අවධානය යොමුකරනවා. ඉන්පසු මේ සම්බන්ධ සුදුසු පියවර ගැනීමට මම අපේක්‍ෂා කරනවා" යෑයි ද කථානායක කරු ජයසූරිය මහතා කීවේය.
'පාර්ලිමේන්තුවක් තිබිය යුතු නැ' - විමල්
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ අපූරු කතාවකි.
නීති සම්පාදනනය කිරීමේ පාර්ලිමේතුව සතු බලය අහිමි වන්නේ යයි ගෙන එනු ලබන නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් කියන්නේ නම් එවන් පාර්ලිමේන්තුවක් තිබිය යුතු නැති බව තමන්ගේ එම බෝම්බ ප්‍රකාශයෙන් අදහස් කල බව ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් තමනටද උවමනා වූ පරිදිම මෙම බෝම්බ වචනය දැමූ සැනින් සියල්ලන් එහි පැටලූන බවත් දැන් එම සාකච්චාව තවත් ඉදිරියට කරගෙන යාමට ඉබේම මාවත පෑදී ඇති බවත් කී මන්ත්‍රීවරයා තමන්ගේ උපක්‍රමයට ඒ සියළු දෙනා අසුවී ඇති බවද සදහන් කලේය.
COMMENTS