පසුගිය අඟහරුවාදා (15) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) තුළදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැනවැදී තර්ජනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත...
පසුගිය අඟහරුවාදා (15) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) තුළදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැනවැදී තර්ජනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ නැවත වතාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමේ ප්‍රවණතාවයක් ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධව උප පොලිස් පරීක්ෂක ලලිත් ශාන්ත නමැති මුල්‍ය අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස් නිළධාරියා එම ඒකකයේ ස්ථානාධිපතිවරයාට නිළ වශයෙන් පැමිනිලි කොට තිබේ. ඒ පිළිබඳව විමර්ශන සිදුකළ ස්ථානාධිපතිවරයා තම කරුණු කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
FCID විසින් විමර්ශන සිදුකරන ඉන්දියානු ක්‍රිෂ් ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයා වන නීතිඥ නාමල් රාජපක්ෂ එම විමර්ශනයේ විමර්ශන නිළධාරියෙකු මෙන්ම සාක්කිකරුවෙකු ද වන උප පොලිස් පරීක්ෂක ලලිත් ශාන්තට පසුගිය අඟහරුවාදා 'ආ... මර්ඩර්කාරයා, උඹලා අපිට ආයිත් ගේමක් දෙනවා නේද ? තව මාස දෙකකින් තොපිට වෙන දේ බලාගනිල්ලකො' යනුවෙන් පවසමින් තර්ජනය කළ බව අප මීට ඉහතදී වාර්තා කළෙමු.
මේ වනවිට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිළධාරීන් පිරිසක් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව අපට කරුණු හෙළිකළ පොලිස් නිළධාරියා පවසා සිටියේ 'මාළුවා නහින්නේ කට නිසාය' යන ආප්තෝපදේශය මින් ඉදිරියට කිවයුතු වන්නේ 'නාමල් නහින්නේ කට නිසාය' යනුවෙන් බවයි.
COMMENTS